“වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් එළඹෙන 30 වන දින පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා ව්‍යාපාරය පිළිබඳව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දැනුවත්කිරීමේ වැඩසටහනක් අද මැද කොළඹ සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදී පැවැත්විය.

වෙනසක් හදන වසරක්

මෙම වැඩසටහන සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දුෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජිබර් රහ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසනයේ ක්‍රියාකාරීන් රැසක් මෙම වැඩසටහනට එක්ව සිටියේය.

මුජිබර් රහ්මන් මහතා මෙහිදී කියා සිටියේ ඡන්ද 69ලක්ශයක ජන ජනවරමක් ලබාගත් විධායක ජනාධිපතිවරයෙක් එලවා දැමීමේ ක්‍රියාවලියට සමඟි ජන බලවේගය ඉකුත් මාර්තු 16 වන දින ප්‍රමුඛත්වය ගත් බවත් ජනමතයක් නොමැති වත්මන් ජනාධිපති සහ ආණ්ඩුව විසින් නැවත නැවතත් ජනතාව පීඩනට පත්කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස අණ පනත් සම්මත කරගනිමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පවා බලපෑම් කරන මෙම අත්තනෝමතික පාලන තන්ත්‍රය එලවා දැමීමේ පළමු වෙඩි මුරය එළඹෙන 30 වන දින කොළඹින් ආරම්භ කරන බවත්ය.