කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (18) දින සංවිධානය කරන විරුද්ධතාවය හා පෙළපාළිය වළක්වන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නේවාසිකාගාර ගැටළු ඇතුළු සියලු අධ්‍යන සුබසාධන ගැටළු වහා විසඳනු !, ආචාර්ය – මහාචාර්ය හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙනු !, ජීවන වියදමට සරිලන ලෙස මහපොළ සහ ශිෂ්‍යාධාර ඉහළ දමනු ! යන මූලික ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සංවිධානය කර තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ විවිධ අධ්‍යයන ආයතන රැසක් මෙම විරෝධතාවට සම්බන්ධ වන බවයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඉහත ඉල්ලීම් මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම විරෝධතාවය වැළැක්වීම කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ හතරවන වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් වන බව එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, එවැනි නියෝගයක් නිකුත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොව හතර වගන්තිය යටතේ අයිතිවාසිකම් කඩවීමක් සිදු වූ බවට පෙනී යා යුතු බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය තීරණය දැනුම් දෙමින් පවසා තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීම පෙරදැරි කරගෙන මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර එම වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කිරීමට හදිසි සහ අත්‍යවශ්‍ය කරුණක් ලෙස පෙන්වා දිය යුතු බවයි.
ඒ අනුව, එසේ හදිසි හා අත්‍යවශ්‍ය බවක් තිබෙන බවට මූලික සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී තිබුණා.