ජන මතයකින් තොර ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් විසින් මහජනතාව මර්ධනය කිරීමට මොන පනත් ගෙනාවත් ඒවාට බිය නොවන බවත් පසුගිය අරගලය නිර්මාණය වීමට පෙර මාර්තු 16 මුලින්ම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා පලවාහැරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කලේ සමගි ජන බලවේගය බවත් ජනතාව තවදුරටත් පීඩාවට පත්කරමින් VAT බදු ගසන අත්තනෝමතික ආණ්ඩුවට එරෙහිව ජනවාරි 30 මහා ජනතාව සමඟ මහ පාරට බහින බවත් එස් එම මරික්කාර් අද (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මහ මැතිවරණයේ දී ලබා ඡන්ද සංඛ්‍යාව 29,000ක් පමණක් බවත් මරික්කාර් මහතා ඡන්ද 97,000ක් ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පැමිණි බවත් මරික්කාර් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඒ සුපුරුදු පරිදි මහින්දානන්ද අලුත්ගමගේ කිසිඳු පදනමකින් තොරව නැගූ චෝදනා වලට පිළිතුරු දෙමින්.

එස් එම මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේ කිනම් මර්දන පනතක් ගෙනාවත් බිය නොවන බැවින් වැට් එක වැඩිකිරීමට විරුද්ධව, බඩු මිල වැඩිකිරීමට විරුද්ධව, ජනතාව නොමරා මරණ, ලෙඩ්ඩු නොමරා මරණ, බෙහෙත් හිඟය ඇතිකරපු, ශල්‍යකර්ම පෝලිම් ඇතිකරපු, රට මේ තරම් බංකොලොත් තත්වයකට පත්ව තිබියදී ගෑස් වලින් හොරකම් කරන, විදුලියෙන් හොරකම් කරන මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව සමඟ පාරට බහින බවයි.

මන්ත්‍රීවරයා සිදුකළ සම්පූර්ණ කතවා පහත සබැඳියෙන් නරඹන්න,