ජනමතයක් නැති පාර්ලිමේන්තුවෙන් තමන් ඉල්ලා අස්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙයි.

පාර්ලිමේන්තුවේ නිල කටයුතු වලින් තමන්ට අසාධාරණයක් වීම, කලට වෙලාවට මැතිවරණ නොපැවැත්වීම මීට හේතු වන බව චමින්ද විජේසිරි මහතා මෙහිදී පැවසීය.

අද නිල වශයෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වුවත් තමන් දිගටම සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග දේශපාලනය කරන බවට හෙතෙම වැඩි දුරට පැවසීය.