පොලිස් නිල ඇඳුම හැඳගත්ග නිලධාරීන් දෙදෙනෙකු මහා මාර්ගයක් අසල කිසියම් පුද්ගලයෙකුට අමානුෂිකව පහර දෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මේ පිළිබදව අප සතුව තිබෙන තොරතුරු වලට අනුව ඊයේ (27) දිනයේ වෙඩරුව ප්‍රදේශයේදී කුරුණෑගල පොලීසියට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ ගන්න අවස්ථාවේදී ඔහුට පහර දෙමින්, ඔහුගේ අවයව ලණුවකින් බඳිමින්, ඔහුව පාගමින් සිටින අවස්ථාවේදී මෙය ඒ අසළ සිටි පුද්ගලයෙකු පටිගත කළ දර්ශන පෙළක් බවටයි.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සිදුකරන මෙම අමානුෂික පහරදීම සමාජ මාධ්‍යය තුල දැඩි විවේචනයට ලක්ව තිබේ.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ, සමාජයේ දැඩි විරෝධය මැද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැඩබලන පොලිස්පති ලෙස පත්කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් යන පුද්ගලයින්ගේ මුලිකත්වයෙන් මේ දින වල “යුක්තිය” යන මැයෙන් මද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අතර සමාජ මාධ්‍ය තුල මෙම වීඩියෝපටය නැරඹු විශාල පිරිසක් ප්‍රශ්න කරන්නේ මෙම අමානුෂික මහරදීමත් ඉහත “යුක්තිය” මෙහෙයුමට සමගාමී අත්අඩංගුවට ගැනීමක්ද යන්නයි.

මෙම සිදුවීමට අදාල වීඩියෝව මෙතනින් නරඹන්න,