අති විශාල ලෙස වැට් බදු අයකරමින් රනිල්‌ – රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ අය වැය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා 97 ක්‌ මත 18% ක වැට් පැනවීමට එරෙහිවත් සේවකයින්ට කිසිඳු සහනයක් නොදීම හෙතුකොටගෙනත් වරාය සේවක වෘත්තීය සමිති එකතුව විසින් හෙට (28) දින වරාය සේවක එක් දින අකුරට වැඩ කිරීමක් සහ උද්ඝෝෂණයක් පවත්වන බව වාර්තා වෙනවා.

2024 – 2026 වැටුප් වර්ධකය ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වෙන මෙම උද්ඝෝෂණය හෙට දහවල් 12.00 ට ඛාන් ඔරලෝසු කනුව ඉදිරිපිට පැවැත්වෙන බවයි වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ.