අද (17) පාර්ලිමේන්තුව ආරම්භයේදීම කතානායකවරයා සිදුකරනු ලැබූ අත්තනෝමතික ක්‍රියාවකට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එයට එරෙහි වීමත් සමග පාර්ලිමේන්තුව තුල උණුසුම් සකච්ඡාවක් ඇතිවිය.
එහිදී කතානායකවරයා කියා සිටියේ,
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 විධිවිධාන ප්‍රකාරව පොදු වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ නායකවරයා හෝ පිළිගත් දේශපාලන පක්ෂයක නායකයකු විසින් අසනු ලබන ප්‍රශ්න සදහා රැස්වීම පැවැත්වෙන දිනකදී සැලකිව යුතු වෙලාවක් ගතවීම සහ එමගින් ප්‍රධාන වැඩකටයුතු වලට ප්‍රමාණවත් කාලයක් නොලැබීමෙන් ඇතිවන බාදා සම්බන්ධව 2023 /10/6 වන දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්චා කරන ලදි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු වලට දිගින් දිගටම කාලය ප්‍රමාණවත් නොවීමේ ගැටලුව සම්බන්ධව විශේෂ අවධාන යොමුකළ කාරක සභාව මින් ඉදිරියට ස්ථාවර නියෝග 27/2 යටතේ අසනු ලබන ප්‍රශ්න සදහා ප්රශ්නය ඇසීමට සහ පිළිතුරු ලබාදීමට විනාඩි 15ක කාලයක් පමණක් වෙන් කිරීමට තීරණය කරන ලද බව සභාවට දැනුම්දීමට කැමැත්තෙමි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්රශ්නය සහ එයට ලබාදෙන පිළිතුරු වලට විනාඩි 15ක සිමාකිරීමක් කතානායකවරයා ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම විවාදය ඇති වූ අතර සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ 2023 /10/6 වන දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කලත් කාලය සිමා කිරීමකට එම කාරක සභාවේදී එකඟ නොවූ බවත් ඉදිරියේදී පක්ෂ රැස්වීමකදී මේ පිලිබදව නැවත සාකච්ඡා කර තීන්දුවක් ගන්න තෙක් මෙම කාලය සිමා කිරීම සාධාරණ නොවන බවත් එතුමා පැවසීය.
ඒ අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය,
කතානායක තුමනි මේ පිලිබදව සකච්ඡා කළා පමණයි. තීරණයක් ගත්තේ නැ. මේක පාර්ලිමේන්තුව, මේක කච්චේරියක් නෙවෙයි. ඔබතුමා කතා නායක අපි මේක සකච්ඡා කරා අපි පුලුවන්තරමක් අඩුවෙන් කතා කරන්න උත්සහ කරනවා නමුත් මේ විදියට සිමා දන්නා බෑ ස්ථාවර නියෝග වලට. ස්ථාවර නියෝග වල කොහෙද තියෙන්නේ වෙලාව සිමා කරන්න පුලුවන්න කියලා.
සාකච්චා කළා එක ඇත්ත අපි සහයෝගය දෙනවා පුළුවන් තරමක් ඉක්මනින් වැඩ ඉවර කරන්න උදේ වරුවේ, නමුත් මෙහෙම සිමා දන්න බෑ මේක පක්ෂ කාර්යාලයක් නෙවෙයි මේක පාර්ලිමේන්තුව.