ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට අදාලව බදවාගැනීම් රාශියක් පිලිබදව විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් තිබෙන පසුබිමක ලක්ෂ 2ක් (200,783ක්) වන යුධ හමුදාවේ සාමාජිකයින් ලක්ෂයක් දක්වා අඩුකිරීම පිලිබදව ආණ්ඩු පාර්ශවයෙන් කතිකාවතක් ගොඩනගමින් සිටීම තුල එකිනෙකට පරස්පර මතවාදයක් සමාජය වෙත ආරෝපණය වෙමින් තිබේ.

යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වන අතර 2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයින් 100,000 දක්වා අඩු කොට තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීම පිලිබදව ආණ්ඩු පාර්ශවයෙන් මේ වන විට මතවාදයක් ගොඩනගමින් තිබෙනවා.

පසුගිය දා ඒ පිලිබදව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සිය Twitter ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ලබන 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත් ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බවත්වය.

Premitha Bandara Tennakoon

මේ ආකාරයට යුද හමුදාවේ සාමාජිකයින් 100,000 දක්වා අඩු කිරීම පිලිබදව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අදහස් පළකරමින් සිටියදී ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙබ්  අඩවියේ බදවාගැනීම් පිලිබදව පළකර තිබුනේ පහත ආකාරයෙනි,

https://www.army.lk/officers

ශ්‍රී ලංකා යුද හමුදාව