පාස්කු කුමන්ත්‍රණය සහ ඒ නිසා පීඩාවට, හිංසනයට පත් ප්‍රජාව වෙනුවෙන් සමගි ජන බලවේගය මෙම යෝජනාව ඉදිරිපත්කිරිමෙන් පසු පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු විවාදය අද දින පැවැත්වීමට යෝජනා වූ අතර සමගි ජන බලවේගය මුල සිටම පාස්කු ප්‍රහාරයේ සත්‍ය හා මහමොලකරු සම්බන්ධයෙන් අවදියෙන් සිටියේය.

channel 4 මාධ්‍ය ආයතනය මෙම කුමන්ත්‍රණය පිළිබද තවත් ජාත්‍යන්තර තහවුරුකිරීමක් පමණක් වන අතර channel 4 මගින් කල හෙළිදරව්ව නිසා විපක්ෂය මේ පිලිබදව කතා කරනවා යැයි කීම නිද්‍රා ශීලී මන්ත්‍රීවරුන්ගේ කතාවක් බව විපක්ෂනායකවරයාද අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පැවති පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ කල්තැබීමේ විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු රැසක් පිළිබඳව අවධාරණය කරමින් දීර්ඝ කතාවක් කල අතර ඉන් මෙම කුමන්ත්‍රණය පිළිබඳව කරුණු රැසක් නිශ්චිතව අනාවරණය විය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් දිගින් දිගටම පාස්කු ප්‍රහාරය පිළිබද කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් කරුණු වසන් කර තිබූ අතර වත්මන් ආණ්ඩුවත් එම කරුණු ජනතා අයිතියට පත් නොකර තැබීම මෙම කුමන්ත්‍රණය යට ගැසීමට දරණ වෑයමකි. විපක්ෂනායකවරයා දිගින් දිගටම මෙම කරුණු හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තුවේදී ඉල්ලසිටියද රජය කටයුතු කලේ එම කරුණු වසන් කිරීමටයි.

ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියට පිළිතුරු දක්වමින්  විපක්ෂ නායකවරයා ඇමරිකාවේ සිදුවූ අල්කයිඩා 9යි 11 ප්‍රහාරය පිළිබඳව FBI වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනවිත් සියලුදෙනාට අනාවරණය කලේ මෙම රජයන් කරුණු හෙළි නොකරන්නේ ආරක්ෂක හේතූන් මත නොවන බවත් දිගින් දිගටම සිදුකරමින් සිටින්නේ කරුණු යටගැසීම බවත්ය.

මූලික වශයෙන්ම රජ්‍ය බුද්ධි අංශය හා හමුදා බුද්ධි අංශය සිදුකලේ වව්නතිව් පොලිස් නිලධාරීන් දෙපල ඝාතනය ගැන CID නොමග යැවීම ඉන්පසු පරීක්ෂණ වලින්ම හෙළි වූ ජංගම දුරකථන IP Address එක භාවිතා කර තිබුනේ මුස්ලිම් ජාතික බුද්ධි අංශ නිලදාරියෙකු බව තහවුරු උනා වසර ගණනාවක් තිස්සේ සොනික් සොනික් යන පුද්ගලයා පිළිබඳව සමගි ජන බලවේගය විසින් තොරතුරු විමසුවත් ඊයේ පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමත්යවරයාම පිළිගත්තා සොනික් සොනික් කියන්නේ පොලිස් නිලදාරියෙක් බව. මේ සියලු තොරතුරු වලින් පාස්කු කුමන්ත්‍රණය රාජ්‍ය කුමන්ත්‍රණයක් බවත් තොරතුරු වසන් කිරීමට බුද්ධි අංශ මුල සිටම කටයුතු කල බවත් විපක්ෂ නායකවරයාගේ අනාවරණයේ පැහැදිලිව සදහන් වෙනවා.

විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් සිටියදී එතුමාගේ කතාව වෙනත් මාර්ගයකට යොමු කිරීම සදහා සරත් වීරසේකර අමාත්‍යවරයා දැරූ උත්සාහය නිෂ්පල කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ තිස් වසරක යුද්ධය අවසන් කිරීමට මහඟු මෙහෙයක් ඉටු කල සියලු ආරක්ෂක නිලදරින්ට ණයගැති බවත් නමුත් ඒ මුවාවෙන් රට තුල ඝාතන සිදුකිරීමට, රට තුල නොසන්සුන්තාවයක් ඇති කිරීමට, රාජ්‍ය කුමන්ත්‍රණවලට හවුල් වීමට ඉඩ නොතබන බවයි.

ඊයේ සහ අද දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අවදානය යොමු වූ අබු හිම් නැමැත්තා පිලිබදව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙවැනි අදහසක්,

සහරාන්ගේ බිරිද තමයි හාදියා. එයා කියනවා සහරාන්ට නිතරම කතා කරන විඩියෝ එවන කෙනෙක් ඉන්නවලු. එයාගේ අනුවර්ත නාමය අබු හිම්. එයා කතා කරද්දි හාදියාව එලවනවාලු. විශේෂයෙන්ම වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ මරණයට සම්බන්ධ ගෆූර් මාමා කියනවා අන්තවාදිය කියනාව සහරාන්ට අප්‍රේල් 16 ඉහලින්ම උපදෙස් ආවාලු. ඉල්හාම් කියනා ත්‍රස්තවාදියත් කියනවා. මේ උපදෙස් අනුව මේ ප්‍රහාරය ඉක්මන් කරන්න කියනවා. කවුද අමු හිම් කියන්නේ. 2019 අප්‍රේල් 21 සිට අද දක්වා හැමෝම විමර්ශනය කරනවා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ පත් වුනෙත් සාධාරණත්වය ඉටු කරනවා කියලා. ඒ ටිකට් එකෙන් තමයි කතානායකතුමා පත්වුනොත්. ඒත් අදටත් මේ අබු හිම් ගැන හොයලා නැහැ. සහරාන්ට ඉහලින් මහමොලකරුවෙක් හිටියා. ඒ කෙනාගේ අන්වර්තනායම අබු හිම්. මේ අබු හිම් කියන කෙනා හදුනා ගත යුතු යි.

සරත් වීරසේකර මැතිතුමාත් කිව්වා මහ මොලකරුවෙක් ඉන්නවා ඔහු නවුසර් මව්ලවි කියලා. සරත් වීරසේකර මහතා කියනා නවුසර් මවුලවි කියනා මහ මොලකරු ජනාධිපති කොමිසමකට ගෙන්වලවත් ප්‍රශ්න කරලවත් නැහැ. කාවද මේ රවට්ටන්නේ. මම කියනවා අබු හිම් කියන දේ ගැනත් හොයන්න.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන්සභා වාර්තාවේ අබු හිම් නැමැත්තා පිළිබඳව තිබෙන තිරතුරු,

පාස්කු ප්‍රහාරය

 

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කල ශනි අභේසේකර ඇතුළු  31 දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මාරු කල බවත් සීඅයිඩී නිලධාරීන් 700කට පිටරට යන්න තහනම් කල බවත් පැවසූ විපක්ෂ නායකවරයා එම නිලදාරිගේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.ඩීඅයිජී පී. කේ

  1. ඩී ප්‍රියන්ත
  2. එස්එස්පී ශානි අබේසේකර
  3. පියසෙන් අම්පාවිල
  4. නුවන් අසංක
  5. සී ඩබ්ලිව් වික්‍රමසේකර
  6. ජේ. බී. ඩී ජයසිංහ (මේ ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා)
  7. රංජිත් වෙදසිංහ
  8. ඩී එස් තිසේරා
  9. කලනසිරි
  10. හේමන්ත ගුණසේකර
  11. ඉන්දික ලොකුහෙට්ටි
  12. දර්ශිකා කුමාරි
  13. තනුජා දමයන්ති
  14. චන්දිමා අරුමප්පෙරුම
  15. දීපානි මැනිකේ
  16. නාමලි හේරත්
  17. කීරිතිසිංහ
  18. මාරසිංහ
  19. සාගර කරසිංහආරච්චි
  20. ඇල්ලෙපොල
  21. නිශාන්ත සිල්වා
  22. ජයසිංහ
  23. ඉලංගසිංහ
  24. ෆසීර්
  25. මෙන්ඩිස් ප්‍රේමකුමාර
  26. ජගත්
  27. ලක්මාල්
  28. විජිත
  29. රාජපක්ෂ

මේ අය තමයි පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු කල සිට 31 දෙනා. මේක බරපතල සැක සහිත දෙයක්. ඇයි ගෝඨාභය එහෙම කළේ. මේකේ පසුපස තිබෙන සත්‍ය ඕන.

මෙම කරුණු සියල්ලගෙන්ම පාස්කු ප්‍රහාරය පිලිබඳව තොරතුරු රටට වසන් කල බවත් මෙම කුමන්ත්‍රණයේ සුල මුල අනාවරණය වන බව පැහැදිලිවේ

විපක්ෂ නායකවරයා මෙහිදී තවදුරටත් දැක්වූ අදහස්,