රට ගොඩනැගීමට අපනයනය ඉතා වැදගත් බව නිරන්තරයෙන් ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන් කියා සිටියත් මේ පිලිබදව වාද විවාද කරන අවස්ථාවේ එයට සවන්දිමටවත් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන්ට හික්මීමක් සහ උවමනාවක් නැති බව අද(23) පාර්ලිමේන්තු කථා වාරය ආරම්භයේදීම නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.

වත්මන් රජයේ හිතුවක්කාරී ක්‍රියා නිසා අපනයනය 19.5% කඩා වැටී ඇති බවත් අපනයන පිලිබදව අවදානය යොමුකිරීමට සහ ආයෝජන ගෙන ඒමට නිසි අමාත්‍යංශයක් නොමැතිවීම නිසා මේ රටේ කර්මාන්ත අංශය 2023 පළමු කාර්තුව වන විට 23.4% පහතට වැටී ඇති බවත් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වී ඇත්තේ අපනයන ශක්තිමත් කිරිමවත්, මේ රටට ඩොලර් ගෙන එමවත් නොව විදේශ ණය ගෙවීම බවත් ඒ නිසා විදුලි බිල ජාල බිල වැඩි කරමින්, පාරිබෝගික භාණ්ඩ වල සහ ඉන්දන මිල වැඩිකරමින් බදු අයකරමින් සිටින වත් එය ඉතා විනාශකාරී ප්‍රතිපත්තියක් බවත් එතුමා පැවසීය.

ඉතා උජාරුවෙන් ආයෝජන පිලිබදව කතා කරන වත්මන් ආණ්ඩුවට චීනය විසින් ඉදිකරන පෝට් සීටියට අදාල නීති රීති ටික සම්පාදනය කර එය මුදල් ඉපයීමේ සංදිස්ථානයක් බවට පත්කිරීමට සහ සිංගප්පුරුව ඩුබායි වැනි රටවල් සමග කරට කර තරග කිරීමට කටයුතු කරනවා වෙනුවට සරුංගල් අරින පෝට් සිටියක් නිර්මාණය කර ඇති බව එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.