දේශීය ණය ප්‍රශස්තකරණය නිසා අර්ථසාධක අරමුදලට වෙන පාඩුව ගැන විවාදයක් තිබෙන නමුත්, වැදගත් වෙන්නේ පාඩුවේ ඉලක්කම ගැන විවාදයක් නොව, ඉලක්කමේ වෙනස ගැන තර්ක කිරීමට වඩා වැදගත් වන්නේ දැවැන්ත පාඩුව අවම කරගන්නට කටයුතු නොකළේ ඇයිද යන්න සොයාබැලීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කලේ අයවැය පරතරය තවදුරටත් අඩු කරගත යුතු බවත් ඒ සදහා බදු අයකිරීම කෙරෙහි අවදානය යොමු කල යුතු බවත් කැසිනෝ, ඉස්කාගාර සහ රේසින් බෙටින් ආධී ක්ෂේත්‍ර වල බදු අයකිරීම කල යුතු බවයි