රට ගොඩනංවන්නට හැකියාව දක්ෂතාවය මෙන්ම කුසලතාවය ඇති කණ්ඩායමම සිටින්නේ සමගි ජන බලවේගය සමග යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

විවිධ සමාගම් සතුව වගා නොකරන දැවැන්ත ඉඩම් ප්‍රමාණයක් රට තුළ ඇති බවත්, ඒවා මුඩු ඉඩම් වී ඇති බවද විපක්ෂ නායකතුමා පැවසීය. කම්කරුවන් ලෙස කටයුතු කරන වතු ප්‍රජාවත්, රටේ ඉඩම් අහිමි යෞවන ප්‍රජාවත් ජාතිභේදයෙන් තොරව එකට ගොඩනැගීම සිය අරමුණ බව පැවසූ විපක්ෂ නායකතුමා ඉඩමක සහ කුඩා තේ වත්තක හිමිකරුවෙක් බවට ඔවුන් පත් කිරීම සිය අරමුණ බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) වලපනේ දී පැවැති ජන හමුවක් ඇමතීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ආර්ථිකය කුඩා කර රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් සමාජවාදයෙන්වත් ධනවාදයෙන්වත් මේ රට ගොඩනැගිය නොහැකි බවත් ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යා යුතු බවත් ය.