සමගි ජන බලවේග ආණ්ඩුවක් ගත්තම රට හැරගිය අයට නැවත එන්න පුළුවන් පසුබිමක් හදන බවත් එම හැකියාව සහිත කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ බවත් ජන මතයක් නැති ගොන් රජෙක් අද රාජාසන කතාව පාර්ලිමේන්තුවේ කරන බවත් එසේ කිරීමට රජවරු අපේ රටේ නැතැයි සජබ මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අද (08) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස් එම මරික්කාර්.

“ඔටුනු පැලඳ සිටියත් ජනමතය නොමැතිව සිහසුනේ ඔබ….නුඹ ගොන් රජෙකි මේ පොහොට්ටු ගොන් රැලට’’ අපේ රටේ ජන මතයක් නැති ගොන් රජෙක් අද රාජාසන කතා කරනවා. එහෙම කරන්න රජ්ජුරුවෝ මේ රටේ නැහැ. ජනතාව විසින් පත් කරපු හෝ පෙළපත් උරුමයෙන් ආපු රජ්ජුරුවෝ මේ රටේ නැහැ .ඒ නිසා හිස් වචන මාලාවක් එක්ක 2026 වෙද්දි තමයිලු එයාට පුළුවන් වෙන්නේ මේ රට බංකොලොත් භාවයෙන් මුදවා ගන්න. ඇවිත් මාස 08යි හැබැයි කිව්වේ අවුරුද්දෙන් ඔක්කොම ගොඩදාන ජාත්‍යන්තර පොර කියලා. හැබැයි එන්න එන්නම පොලී අනුපාතය වැඩි වෙලා .ආදායම අඩු වෙලා තියෙනවා බදු ගහන එක වැඩි වෙලා තියෙනවා ජීවන වියදම ඉහළ ගිහින් බඩු මිල ඉහළ ගිහින් උද්ධමනය ඉහළ ගිහින්. මේ ගොං රජා කියනවා එයා කරලලු තියෙන්නේ කියලා. හැබැයි ඔහුට හරියට සිංහල උච්චාරණය කරන්නත් බැහැ නිවුන් දරුවන්ට, නිවන් දරුවන් කියනවා එය දරුවන්ට කරන අපහාසයක්. ඊළඟට කියනවා රට යන්න එපා කියලා මේ රටේ ආර්ථිකය විනාශ කරලා ලක්ෂ දෙදාහක් වියදම් කරලා එයාට තනියම ආතල් ගන්න නිදහස් උත්සව තියෙනකොට මිනිස්සු හිතේ ගින්දරින් බඩේ ගින්දරින් දරුවන්ට අනාගතය නැතුව බලාගෙන ඉන්නකොට මේ වගේ නාස්තිකාර උද්දච්ච ඔලමොට්ටල වැඩ කරද්දී මිනිස්සු රට අතහැරල යන එක නවත්තන්න පුලුවන්ද,.

ඒ වගේම කියනවා නීතියට හැමෝම ගරු කරන්න ඕන කියලා. ඔව්, නීතියට ජනතාව ගරු කරන්න කලින් එයා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න ඕන. ව්‍යවස්ථාවට ගරු කරන්න ඕන ව්‍යවස්ථාව රකිනවා කියලා ඇවිත් ඡන්ද කල්දාන්න උප්පරවැට්ටි දානවා .අපි එයාට කියන්න කැමතියි රාජාසන කතාව කරනකොට අහන් ඉන්න ගිහින් ඉන්නේ පොහොට්ටුවේ අය විතරයි. අන්දරේගෙ නාට්‍යය මේ මොහොතේ මට මතක් වෙනවා ඒකෙ එක කෑල්ලක් තියෙනවා ඔටුනු පැලඳ සිටියත් ජනමතය නොමැතිව සිහසුනේ ඔබ ගොන් රජෙකි මේ පොහොට්ටු ගොන් රැලට මට කියන්න තියෙන්නේ එයාගෙ රාජාසන කතාව සම්බන්ධ මෙච්චරයි .ඒක නිසා අපි වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියනවා ඔයා මේ නීතිය ගැන කතා කරන්න එන්නේ මිනිස්සු හිරේ දානවා කියලා බය කරන්න .මිනිස්සු රත්වෙන එක නවත්තන්න ඒ නිසා ඔබ මතක තියාගන්න ඡන්ද කල්දාන්න උප්පරවැටි දාන්න එපා එහෙම උනොත් අපි වීදියක් වීදියක් ගානේ හන්දියක් හන්දියක් ගානෙ කැරලි ගහන එක ගහනවාමයි. ඔයා මේ බොරුවට මිනිස්සුන්ව වචනවලින් බය කරන්න ලෑස්ති වුණාට අපි බය වෙන්නේ නැහැ.

අපි දැක්කා නිදහස් උත්සවය දවසේ එයා ආවා හමුදා විශේෂ කණ්ඩායම් commander බලකායවල් දාගෙන හැබැයි මිනිස්සු නිදහස සැමරුවේ නැහැ එයා ආවා හිට්ලර් වගේ හැබැයි කාලතුවක්කු උණ්ඩ තියෙනකොට මිනිස්සු ගැස්සුනා රජීව් ගාන්ධි මතක් වෙලාද කොහෙද. අන්තිමට ගියේ Mr, Been වගේ මාස අටක් තුළ දෙවරක් පාර්ලිමේන්තුව කල් තිබ්බා මොනවද මේ කරන්නේ එක පුද්ගලයෙකුගේ අල්ලේ නටවන රටක් බවට පත් කරන්න එයාගේ අම්මා අප්පාගේ බුදලයක් ද, ඒ නිසා නැවතත් කියනවා ඔයාගේ නොහැකියාව නිසා මේ රට කරන්න බැහැ ජනමතයක් නැහැ මිනිස්සු පිළිගන්නේ නැහැ කියන එක ඔප්පු කරල ඉවරයි. ඒ නිසා තමයි ඔන්ලයින් එකේ මිනිස්සු ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ .ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන්න හරි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන ව්‍යවස්තාව රකින්න ඕන ඒ නිසා අපිට අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. ලංකාවේ අධිකරණය කවදාවත් ඡන්ද කල් දාන්න තීන්දුවක් දීලා නැහැ ඒ නිසා වික්‍රමසිංහ මහත්තයෝ ඔයාගෙ හීනය සැබෑ වෙන්නේ නැහැ.

ඒ වගේම 2026 වෙනකන් අපි බඩගින්නේ ඉන්න ඕන බංකොලොත් භාවයෙන් ඉන්න බෑ කියනවා මොකක්ද ඒ කියන්නේ එයා පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට එනකොට එයාව ජනාධිපති කරන්න කියලා කියන්නේ. අනිත් එක රට ක්‍රමානුකූලව වැල් පාලමේ සෑහෙන්න දුරක් ගෙනාවා කියනවා බම්බුව තමයි මිනිස්සුන්ට කරන්ට් කපන එකට හුරු වෙන්න වෙලා තියෙනවා. බාල බෙහෙත් බොන්න හුරුවෙලා තියෙනවා සාධාරණ හම්බකරන වැටුපට බදු ගෙවන්න සිදුවෙලා තියෙනවා QR කෝඩ් එකට හුරුවෙන්න වෙලා තියෙනවා ඕන විදියට තෙල් ගන්න පුළුවන් කමක් නැහැ. ජල බිල් විදුලි බිල් වැඩි කරාම ඒව ජනතාවට දරාගන්න සිදුවෙලා තියෙනවා දරුවට පාසල් පොත් බෑගයක් අරගෙන දෙන්න බැහැ .සපත්තු කුට්ටමක් අරගෙන දෙන්න බැහැ. රට නන්නත්තාරයි තරුණයෝ රට අතහැරලා යනවා. වෘත්තිකයන් රට අතහැරලා යනවා .මිනිස්සු කැරලි ගහනවා මෙයා හමුදාව පොලිසිය පාවිච්චි කරන්න හදනවා. ප්‍රජාතන්ත්‍රවාදය කතා කිරීමේ අයිතිය නැති කරලා දාන්න ඒ නිසා වැල්පාලම අස්සටම ගෙනිහිල්ලා වැල කඩල දාල ගඟට බස් සන්නයි මෙයා ලෑස්ති වෙන්නේ. ඒ නිසා නිල් වික්‍රමසිංහට මේ රට තවදුරටත් පාලනය කරන්න බැහැ. එයත් එක්ක ඉන්න ගොන් කණ්ඩායම යන්නේ රට ඉවරකරලා. ඒ නිසා කරුණා කරලා ඔයාට මේක කරන්න බැරිනම් මාර්තු 5 පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. ඒ නිසා විසුරුවන්න එක්සත් ජාතික පක්ෂයට ,අකිලට,රුවන්ට එන්න කියන්න මහ මැතිවරණයට තරග කරන්න. පොහොට්ටුවේ පිස්තෝල කල්ලිය ටත් එන්න කියන්න තරග කරන්න මහ පොළොවේ යථාර්ථයට මුහුණ දෙන්න .ඒ නිසා 2026 වෙනකන් බංකොලොත්භාවය ඉවත් කරගන්න ඉන්න ඕන නැහැ .අපි පැහැදිලිව කියනවා මාර්තු නම වැනිදා පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය ජයග්‍රහණය කරාට පසුව ජනමතය වෙනස් වෙනවා ජනමතය නැති පාර්ලිමේන්තුවට ජනමතය නැති ජනාධිපතිට මේ රටේ ජනමතය කොහේද තියෙන්නේ කියන එක ඔප්පු වෙනවා. ඒ නිසා මාර්තු නමයෙන් පස්සේ මේ රටේ වලංගු ජනමතය වෙන්නේ ප්‍රකාශයට පත්වෙන ඡන්ද ඒ නිසා ඒකෙදි සමගි ජන බලවේගය මහපොළොවේ ජයග්‍රහණය ලැබුවට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න අපි කටයුතු කරනවා .ඉන්පසුව අගෝස්තු මාසේ වෙනකොට ආණ්ඩුව පෙරලා ගත්තම අවුරුදු ගණන් ඉල්ලන්නේ නැහැ බංකොලොත් භාවයෙන් එළියට එන්න මාස හයක් උපරිම ඇති. මුලින්ම බංකොලොත්භාවය එළියට එන්න ඕන ඉන් පස්සේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. ගෙවීමේ හැකියාව වැඩි කරගන්න නම් එහිදී ඊට සමගාමීව මැදපෙරදිග රටවල් එක්ක සාකච්ඡා කරලා අවම වශයෙන් අවුරුදු දෙකකට ක්‍රෙඩිට් ලයින් එකක් ඉල්ල ගන්න ඕන තෙල් වලට එය ලැබුනට පස්සේ පැය 24ම ලයිට් දෙන්න පුළුවන්. නිෂ්පාදනය ඉහළ යනවා කර්මාන්තශාලා සක්‍රීය වෙනවා කෘෂිකර්මාන්තය දියුණු වෙනවා අපනයන ආදායම වැඩි වෙනවා සංචාරක කර්මාන්තය දියුණු වෙනවා ඒ වගේම අපි රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වලට ආයෝජකයන්ට ආරාධනා කරනවා කොළඹ නගරයේ පැල්පත් නිවාස හැත්ත පන්දාහක් අලුතෙන් හදන්න තියෙනවා .ඒවාට මූල්‍ය ආයෝජන කලාප දාන්නම් තොරතුරු තාක්ෂණ කලාප දාන්න කර්මාන්ත ආයෝජන කලාප දාන්න ඔවුන්ට කොළඹ නගරයට ආරාධනා කරනවා විතරක් නෙමෙයි ගෙන්නනවා ඒ හරහා රටේ ආදායම ශක්තිමත්ව ප්‍රති අපනයනය වැඩි කිරීමත් හරහා රටේ ආදායම වර්ධනය කිරීම කියන කාරණය අපි ඉෂ්ට කරනවා .මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලන්නේ අපේ ගෙවීමේ හැකියාව ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමේ හැකියාව පෙන්නුවොත් අලුත් ආදායම් මාර්ග උපයන ආකාරය පෙන්නුවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන ඔක්කොම දේවල් පිළිගන්න ඕන නැහැ. ඔවුන්ට වැදගත් වෙන්නේ ගෙවීමේ හැකියාව වර්ධනය කිරීම සහ එහි ස්ථීර භාවයයි. ඒ අනුවයි ජාත්‍යන්තර bond market එකේ ණයහිමියන් එක්ක ඔවුන් සාකච්ඡා කරන්නේ .මේ යථාර්ථය තේරුම් ගන්නේ නැහැ. මම දැක්කා නව පොදුජන පෙරමුණ NPP එකේ කට්ටිය කියනවා දේශීය ණය ප්‍රතිව්යුහගත කරන්න ඕන නෑ කියලා එහෙම කරන්නෙ නැත්නම් ජාත්‍යන්තර bond වෙළඳපොලේ ඉන්න ණය හිමියන් ඒක දෙන්නේ නැහැ අපිට. ඒ නිසා මේකයි අපි කියන්නේ පුද්ගලයෙක් වෙනුවට පුද්ගලයෙක් ගේනවා වෙනුවට කණ්ඩායමක් එන්න ඕන කියලා .මේ රටට අවශ්‍යයි ආර්ථිකය සම්බන්ධව අධ්‍යාපනය සම්බන්ධව නාගරික සංවර්ධනය සම්බන්ධව මහා මාර්ග ප්‍රවාහනය කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය වාරි කර්මාන්තය මේ සියලු දේම ඉහළටම ගෙනියන්න පුළුවන් ක්‍රියාකාරී දැනුමක් තියෙන නිපුණතාවයන් ගෙන් යුත් ශක්තිමත්, ලෝකය පිළිගත්තු කණ්ඩායමක අවශ්‍යතාවයක් තියෙනව ඒක ජනතාව අද තේරුම් අරන් තියෙනවා .ඒ නිසා අපි මේ මැතිවරණයේ දී ඒ වෙනස කරලා පෙන්නනවා මොකද ජනතාව විඳින අප්‍රමාණ දුකත් එක්ක තරහක් තියෙනවා වගේම එය පිට කරන්න නැවත පරණ තත්ත්වයට ඇවිල්ලා ජීවත් වෙන්නේ කොහොමද තුන්වේල කන්නේ කොහොමද දරුවන්ට උගන්වලා සැනසිල්ලේ හම්බකරන්න ආදායමට ණය නොවී ජීවත් වීමේ පරිසරය හදන්න පුළුවන් සමගි ජන බලවේගය ට පමණයි කියලා ඔවුන්ගේ විශ්වාසය තියෙනවා.