2020 වර්ෂයේදී නිකුත් කොට ඇති ගැසට් නිවේදනයක් නිසා නිඉති සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුවී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.

එම ගැසට් නිවේදනය ප්‍රකාරව නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බවත්, ක්ෂණිකව ගෙන ඇති මේ තීන්දුව හේතුකොටගෙන නීති සිසුන් විශාල පිරිසකට බලවත් අසාධාරණයක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.