ඉන්දන ගෙන්වීමේදී රජය විසින් සිදුකරන අත්තනෝමතික ක්‍රියා, සත්ව ආහාර ගෙන්වීමට ටෙන්ඩර් වලින් ගජ මිතුරන්ට වාසි ලබාදීම තවදුරටත් රටේ ණය බර සීග්‍රයෙන් වැඩි කිරීම ආධී ගැටළු රැසක් ඊයේ(03) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ප්‍රබල තොරතුරු රැසක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේ සත්ව ආහාර ගෙන්වීමේදී රජය විසින් අක්‍රමිකතාව සිදුකර ඇති බවයි. මීට පෙර සත්ව ආහාර ගෙන්වීමට සහබාගී නොවූ ආයතනයකට හදිසියේම ටෙන්ඩර් කඩවීමකින් තොරව සත්ව ආහාර ගෙන්වීමට අවසර දී ඇති බවත් එම සමාගමේ සුල මුල සොයන විට එම සමගම කුප්‍රකට අවන්ගර්ඩ් සමාගමට අයත් එකස්ක් බවත් නලින්ද බණ්ඩාර මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ මරික්කාර් මහතා කියා සිටියේ වර්තමාන ආර්ථික තත්වය දෙස බලන විට රටේ ණය බර 14%කින් ඉහල ගොස් ඇති බවත් වසර 74ක් පුරා ගෙන ඇති ණය මුදල ඩොලර් බිලියන 84ක් වෙද්දි මේ මාස 6 තුල දී පමණක් ඩොලර් බිලියන 11ක් ගෙන ඇති බවත්ය.