රජය විසින් ජනතාවට ලබාදෙන සහල් බෙදාදීමේ වැඩසටහන යටතේ පාසල් ළමුන්ටත් හාල් ග්රෑම් 500 බැගින් බෙදාදෙන බවට වන ඡයාරුප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතී.

මේ පිළිබඳව අප කළ සොයාබැලීමකදී දැනගැනීමට ලැබුනේ මිට පෙරත් වත්මන් රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ රජය විසින් ගිරිඋල්ල ලබ්බල කියන ප්‍රදේශයේ පාසලකට මෙවැනිම ආකාරයේ සහල් ග්රෑම්500 බැගින් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.

අධ්‍යාපනය ලබාගැනීමට පාසලට යන දරුවන් ෂොපින් බෑගයක් රැගෙන සහල් ග්රෑම් 500ක් ලබාගැනීමට පෝලිමේ යන තත්වයකට පත්කිරීම, පාසල් යන දරුවන්ට සහල් ග්රෑම් 500ක් ලබාදෙමින් තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමට උත්සාහ කිරීම  කෙතරම් නින්දාසහගත තත්වයක්ද ?

මිට පෙර වතාවක් වත්මන් රජය විසින්ම ජනතාවට ලබා දුන් සහල් ගුල්ලන් සිටින, බාවිතයට ගත නොහැකි තත්වයේ සහල් බව රස පරීක්ෂක වාර්තා වලින් පවා තහවුරු වී තිබෙන පසුබිමක නැවත නැවතත් මෙවැනි ක්‍රියා සිදුකරමින් රජය ගෙනගන මේ නින්දාසහගත වැඩපිළිවෙල කුමක්ද ?