බාල බෙහෙත් ගෙන්වීම අධී චෝදනා රැසක් එල්ල වී තිබෙන සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ආරක්ෂා කරනවද ? අසරණ රෝගීන් ආරක්ෂා කරනවද ? තීන්දුවක් ගන්න 225 ම අවස්ථාවක් උදා වෙලා තිබෙන බව අද (31) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දූෂණ විරෝධී බලවේගයේ කැදවුම්කරු මුජිබර් රහුමාන් මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී මුජිබර් රහ්මන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,
වර්තමානයේ ඇතිවෙලා තියෙන සෞඛ්‍ය ගැටලු රැසකට ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු නිළධාරී මණ්ඩලය ගන්නා වූ වැරදි තීරණ නිසා රෝහලකට යන රෝගී ජනතාවට ඔවුන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා.
රටට ගෙනාපු බාල ඖෂධ ගැටලු,ඖෂධ නොමැතිවීම, සෞඛ්‍ය උපකරණ නොමැති වීම, වෛද්‍යවරු ඇතුළු පහළ කාර්යමණ්ඩලය නොමැති වීමත් නිසා සම්පූර්ණම රෝහල් පද්ධතිය අසීරු තැනකට පත් වෙලා තියෙනවා.
නමුත් විපක්ෂයක් විදිහට අපි ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් පසුගිය කාලය පුරාම මේ ගැටලු පෙන්වා දුන්නා නමුත් ඒ ගැටලුවලට විසඳුම් පෙන්වා දෙන ආකාරයත් පේන්නේ නැහැ.
එම ගැටලු මතු කරාම සෞඛ්‍ය ඇමැතිවරයා නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ කරලා ඒවා මගහැරියා එම නිසාම විපක්ෂයක් විදිහට අපට සිදුවුණා සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න එය ලබන සතියේ විවාද කරන්න දින ලබා දීලා තියෙනවා එම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන හෘදසාක්ෂියක් තියෙන මන්ත්‍රීවරු 225ට ම වගකීමක් තිබෙන බවයි.