ආණ්ඩුවේ රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිපත්තිය මගින් මේ වනවිට වී ගොවිතැනට අවශ්‍ය යුරීයා හා පොහොර නොලැබීම නිසා ගොයම් කහ පැහැගැන්වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ ගොවීයන් පොහොර ලැබේයැයි බලාපොරොත්තුවෙන් ගොවීතැන් කටයුතු කරත් එහෙත් මේ වනවිට පොහොර නොලැබීම නිසා ගොවීන්ට තම අස්වැන්න ලබා ගැනිමට නොහැකිව අද ගොවීන් අසරණ වී සිටින බව කියා සිටියේය .

එහෙත් මේ සම්බන්ධයෙන් රජය ගනු ලබන ප්‍රතිපත්ති කවරේද යන්න ජේ.සී අලවතුවල මහතා ආණ්ඩුවේන් අසා සිටියේය .

තව දුරටත් කියා සිටියේ ඉන්දියාවෙන් ගෙන් වූ නැනෝ පොහොර දියර බෝතල් පුපුරමින් තිබෙන බවයි.

ආණ්ඩුව පොහොර ප්‍රතිපත්තිය නිසා අප්‍රේල් වනවිට විශාල සාගතයකට මුහුණ දිමට සිදුවන බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

හොදටම කරනවා කියලා ආණ්ඩුව මේ වනවිට කෘෂිකර්මාන්තය හා සුළු අපනයන බෝග කර්මාන්තය විනාශ කර ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ බව කියා සිටියේය අද(13) මාධ්‍ය හමුවක් අමතමිනි .