රට ගොඩනැඟීම උදෙසා වූ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී අද (19) පැවැත්විණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැති අතර ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව මඟින් එම වැඩ පිළිවෙළ සකස් කොට තිබේ. අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ සිටියහ.