ශ්‍රී ලංකාව මෙතෙක් තම අරමුදලෙන් මුල්‍ය සහයක් ඉල්ලා නෑ කියා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිල වශයෙන් කියා ඇති බවත්,

හැබැයි ආණ්ඩුව  IMF එක්ක කතා කළ බව කියන බවත්  ඇත්ත කියන්නේ ආණ්ඩුව ද එහෙම නැත්තං IMF එකද? ක්‍රියා රටේ ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ආණ්ඩුව පවතින්නේ බොරුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ගේ එදාවේල න්‍යාය පත්‍රය වන්නේ ජනතාව ඇන්දවීම බවද පැවසීය.

අද(13) පෙරවරුවේ උඩුදුම්බර හසලක දී පැවැති සමගි ජන ජනබලවේගයේ ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.ජනහමුවට පෙරාතුව හසලක නගර මැද ඉදිකොට ඇති ගාමිණී කුලරත්න රණවිරුවාගේ පිළිරුව සහ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ විපක්ෂ නායකතුමා රණවිරු ගාමිණී කුලරත්නගේ මෑණියන් ද හමුවිය.විපක්ෂ නායකතුමා ජනහමුවට සහභාගී වූයේ ඉන් අනතුරුව ය.
“සීනි නැතිව තේ බොන්නම්,මිරිස් නැතිව හොදි කන්නම්,පිදුරු වුණත් අපි කන්නම්” කියලා ඉතිහාසයේ සමහරු කී බවත්,එදා වගේම අදත් පොහොර නැතිව වී ගන්නම්,හාල් නැතිව බත් කන්නම්, ලයිට් නැතිව අපි ඉන්නම් කියා මිනිස්සු ඉවසගෙන සිටිනු ඇතැයි ආණ්ඩුව හිතන බව ද බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.
“තමුන්නාන්සේලා තවදුරටත් ඉවසනවද?
ඔබට පොහොර දුන්නේ නැති ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?හැම ගෙදරකටම ගෑස් බෝම්බයක් දුන්න ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?රටපුරා ජනතාව  පෝලිමේ ඉන්න තැනට මේ රට පත් කරපු ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?ඔබේ ETFඑක, ඔබේEPF කොල්ලකන්න හදන ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?
පත් වෙච්චි ගමන් ධන කුවේරයින්ට බදු සහන දීලා රටේ ආර්ථිකය ආදාහනය කරලා දාපු මේ දුර්දාන්ත ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?
ජීවිත 15,000 කට වැඩියෙන් කොරෝනා වලට බිලි වෙනකන් මිථ්‍යාව මත කටයුතු කරපු ආණ්ඩුව තවදුරටත් රකින්න ඕනද?” යනුවෙන් විපක්ෂ නායකතුමා එහිදී ප්‍රශ්න කළේය.
ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවත් ඉන් අනතුරුව 
මතු පරම්පරාවේ ප්‍රශ්න වලට උත්තර හොයන,හැකියාවට කුසලතාවයට දක්ෂතාවයට ඉඩ දෙන ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.ඒ වෙනුවෙන් ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවද ඒ මහතා පැවසීය.