විධායක ජනාධිපතිවරයෙක් ක්‍රියාත්මක වන රටක තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවකට සහල් ව්‍යාපාරිකයින් මර්දනය කරගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

සහල් මිල පාලනය සඳහා ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදන ඉවත්කරගනිමෙන් මේ වන විටත් ආණ්ඩුව විශාල පරාජයක් ලබා ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙහිදී අවසාන වශයෙන් සිදුවන්නේ භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජනතාව විශාල ලෙස අසාධාරණයට පත්වීම පමණක් බවද ඔහු කියා සිටියි.

”වෙළෙඳපොළේ සහල් හිඟ වෙනකොට ආණ්ඩුවට එය පාලනය කරගන්න බැරිකම තේරුම් අරන් වෙන්න ඇති අද වෙනකොට ඒ නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් ඉල්ලා අස්කර ගෙන තිබෙන්නේ. මේ ආණ්ඩුව ගැසට් ගහන්නයි, ගැසට් ඉවත් කරගන්නයි පුදුම දක්ෂතාවයක් තියෙන්නේ. නිදාගෙන ඇහැරෙන කොට ගැසට් දෙකක් විතර ගහනවා. ආපහු පැය 24ක් යද්දී ඒවා ඉල්ලා අස්කරගන්නවා. අපි අහන්නේ මේ ගැසට් ගහන ආණ්ඩුවක් ද ඇවිත් තිබෙන්නේ. ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ සහනයක්. විශේෂයෙන් මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක රටේ ජනතාව ජීවත් කරවන්න අසමත් වෙච්ච ආණ්ඩුවක් මේ ”

ඒ අනුව මේ ගැසට් නිවේදන ඉවත් කරගැනීමට සිදුවීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවට වඩා ව්‍යපාරිකයින් බලවත් බව යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.