ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්ෂ 11 ආණ්ඩුව විවේචනය කරන්නේ බොරුවට බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ආණ්ඩුව රැක ගැනිම බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසා සිටින්නේ .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම හවුල්කාර පක්ෂ 11 සිදු කරමින් සිටින්නේ නාඩගමක් බවත් ආණ්ඩුවෙන් ඈත්වන ලක්ෂ 40ක් ඡන්ද දායිකයින් සමගි ජන බලවේගයට එක් වෙයිද යන බයට ආණ්ඩුව රැක ගැනිම වෙනුවෙන් දියත් කරන ව්‍යාපාරයේ බවයි.

රාජ්‍ය වියදමෙන් 64% ක් පාලනය කරන්නේ රාජපක්ෂවරුන් බැවින් එම නිසා ආණ්ඩුවට ජත්‍යන්තර මුල්‍ය අරමුදලට යාමට නොහැකි හේතුව ද, එය වී ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ .

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ආණ්ඩුව විවේචනය නොකර පුලුවන්නම් ආණ්ඩුවෙන් ඉවත් වී එළියට ඇවිත් පෙන්වන ලෙස ද, අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා එම පක්ෂ 11ට අභියෝග කළ සිටියේය .

සටහන – CJ