ජනප්‍රියත්ව​ය වෙනුවෙන් හරි දේ කතා කරන එක අමාරුයි නමු​ත් මේ වෙලාවේ රට තියෙන වැදගත් සංදිස්ථානයකදී හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඕන බව ඊයේ පැවති මධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසය .

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා.

අපි දිගටම කිව්වේ දේශපාලනඥයන්ට පවා අද වෙනකොට හරි දේ වෙනුවෙන් පෙනී සිටිම වැදගත්. ජනප්‍රිය වෙනුවෙන් හරි දේ කතා කරන එක අමාරුයි හැබැයි මේ වෙලාවේ රට තියෙන වැදගත් සංදිස්ථානයකදී හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඕන. මම විශ්වාස කරනවා ඒක දේශපාලනඥයන්ට විතරක් සීමා වෙන්නේ නැහැ මාධ්‍යයටත් අදාලයි මාධ්‍ය දැන් වෙනකොට හරි දේ වෙනුවෙන් පෙනී සිටීම වැදගත්. ඒ හෘද සාක්ෂි අනුව සමහර විට කියන්න ලියන්න තියෙන දේවල් මේ රටේ හරි දේ වෙනුවෙන් ඒක ජනප්‍රිය නොවන තිත්ත ඇත්ත දෙන්න පුළුවන් ඒව කතා කරන්න ඕනේ ඒවා පදනම් කරගෙන කියන්න ඕන ඊයේ හො පෙරේදා ඇමතිවරයෙක් එක මාධ්‍ය ආයතනයක තර්ජනයක් කරලත් එම මාධ්‍ය ආයතන තමන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණයට පස්සේ සියත මාධ්‍ය ආයතනයට තර්ජනය කරලා තිබුණා .

මම එම මාධ්‍ය ආයතනය නමත් කියනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරන අභියෝගයක් ඒක හෙළාදකිනවා මොකද මාධ්‍ය අයිතියක් තියෙනවා කතා කරන්න. මාධ්‍ය සමහරවිට හරි දේ වෙනුවෙන් පෙනී හිටිනව ඒ අවස්ථාවන් වලට දේශපාලනඥයන්ට රිදෙන්න පුළුවන් හැබැයි ඒ අයිතිය තියෙන්න ඕන.

එය අපි තරයේ හෙළා දකිනවා. ඉදිරියේදීත් එවැනි දෙයක් සිදු වෙනවා නම් ඒකට විරුද්ධව විපක්ෂයක් හැටියට පෙනී සිටිනවා. මොකද මේ වෙලාවේ ඔක්කොම එකතුවෙලා අපේ නිදහස අයිතිය රැකගැනීමේ අවස්ථාවේදී එකතු විය යුතුයි.

අද රටේ කරන්න තියෙන්නේ ණය ප්‍රතිව්යුහගත කිරීමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කිරීමයි, මේ අර්බුදයත් එක්ක පැනනැඟුණු උද්ධමනය පාලනය කිරීමයි මම දැක්කා පත්තරයක කියලා තිබුණා කෘෂි ඇමතිවරයා තෙල් සංස්ථාවට ගිහිල්ලා නිදා ගන්න හදනවා කියලා මම හිතනවා 1994 ඉඳලා මේ ඇමතිවරු ඔක්කොම නිදාගෙන හිටියේ තවත් නිදා ගන්න ගියාම තවත් ප්‍රශ්න ඒ නිසා දැන් ඇහැරෙන්න ඕන වෙලාව අනිත් එක ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ මුදලිගේ සහෝදරයා ගත්තම ආණ්ඩුවට බාධා කිරීමක් නම් මේකත් ආණ්ඩුවට බාධා කිරීමක් ත්‍රස්තවාදී වැලැක්විමේ පනත යටතේ එතුමාවත් අත්අඩංගුවට ගන්න ඕන මොකද සියල්ලටම එක නීතියක් හැබැයි එතුමා කතා කරපු කාරණාව වැදගත් .

මේ රටේ මහ බැංකුව යම් යම් තීරණ අරගෙන ආර්ථික උපකරණ යාන්ත්‍රණ කිහිපයක් භාවිතා කරලා අපේ මූල්‍ය උපකරණ භාවිතා කරලා උද්ධමනය පාලනය කරන්න පලවෙනි පියවර අරන් තියෙනවා.හැබැයි ඒකෙන් උනේ අපේ ආර්ථිකය සංකෝචනය වීමක් එහිදී ඒක හරහා පොලී අනුපාතය වැඩි කිරීමෙන් විවිධ ක්‍රමවලින් උද්ධමනය පාලනය කරන්නට කටයුතු කරන්න උත්සාහ කරලා තියෙනවා අපේ එය තවමත් දකින්නේ නැහැ.

අපිටත් තේරෙනවා කඩේකට ගියාම භාණ්ඩයක් ගන්න ගියාම කොච්චර උද්ධමනය වැඩි වෙලාද කියලා. ඒ නිසාම තමයි අපි කියන්නේ ඊළඟ පියවර සැපයුමයි ඉල්ලුමයි අතර ලොකු පරතරයක් තියෙනවා මේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමට වැදගත්ම දේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 100%ක් වගකියන්න ඕන කෘෂි නිෂ්පාදනය විනාශ කිරීම සම්බන්ධයෙන් එතුමා ඒ ගත්තේ දරදඬු තීරණ යකෝ ඒකෙන් බේරෙන්න බැහැ ඒ නිසා මේ කෘෂි නිෂ්පාදන ශක්තිමත් කිරීම වැදගත් අපේ ආහාර නිෂ්පාදනය ආහාර සුරක්ෂිතතාවය අපේ ප්‍රධාන අරමුණක් හැටියට ආණ්ඩුව ඒ අංශයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදිය යුතුයි අපි තායිලන්තයේ හිටපු මහ බැංකු අධිපතිවරයාත් එක්ක කතා කරනකොට 1997 තායිලන්තයේ මේ හා සමානව අර්බුදයක් එනකොට ඒ රට ආපහු නැගිට්ටවන්න ගත්ත එක පියවරක් තමයි කෘෂිකර්මාන්තය ගෙවතු වගාව සහ ආහාර නිෂ්පාදනය වැඩි කරල උද්ධමනය පාලනය කළා.ඒ නිසා අපි තෙල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ ගොවීන්ට අස්වැන්න නෙළාගන්න භූමිය සූදානම් කරන අවස්ථාවන් වල විවිධ උපකරණ වලට තෙල් අවශ්‍යයි ඒ තෙල් ටික ලබා දීලා ඒ අයගේ ගොවිතැන් කරන අයට උපරිම ශක්තිය ලබාදෙනවා නම් ආහාර සැපයුම වැඩි වීමත් එක්ක උද්ධමනය තවදුරටත් පාලනය කරගන්න පුලුවන් .

මූල්‍ය යන්ත්‍ර උපකරණ විතරක් භාවිතා කරන එක මදි මහ බැංකුව ගත්ත පළමු තීරණය විදිහට ඒක හරි දෙවෙනි පියවර කෘෂිකර්මාන්තයට ඒ ශක්තිය ලබා දීම විපක්ෂය විදියට ඉන්නවා.