රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි ආණ්ඩුව බලපැම් කරන මෙන් ඉල්ලා ජීනිවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංසදය දැනුවත් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර කටයුතු කළේය.
එහිදී අන්තර් පාර්ලිමේන්තු සංසදය පවසා ඇත්තේ රන්ජන් රාමනායක මහතාට සිදු වූ අසාධාරණ පිළිබඳ මෙරටට පැමිණ ගවේෂණයක් සිදු කරන බවත් නැවතත් මෙරට ආණ්ඩුවට රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි ඉල්ලා බලපැම් කරන බවත්ය .
එහිදී හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් මෙරට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිදු කරන හිරිහැර පිළිබඳවත් අන්තර් ජාතික පාර්ලිමේන්තු සංසදය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ ජිනීවා රැසි වාරයේදී රන්ජන් රාමනායක මහතා පිළිබඳ හා මෙරට මානව හිමිකම් පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම සදහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහා මණ්ඩලයෙන් අවසර ලබා ගත් බවයි .
හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙම අවස්ථාව යොදා ගන්නේ රටේ නිදහස වෙනුවෙන් බවත් මානව හිමිකම් ආරක්ෂා කර ගැනිම සදහා බවය .
සටහන – CJ