තෙවන දිනටත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයට ගියේය.
එහිදී සාකච්ඡා කීපයක් පවත්වා ඇති අතර ශ්‍රි ලාංකාව භාරව සිටින කණ්ඩායම සමග ද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී රන්ජන් රාමනායක මහතා සිදු කළ උසාවියට අපහාස කිරිමේ සම්බන්ධයෙන් පවත්නා නිතීමය තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ ඇත .
තව දුරටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ සිදුකළ ශානි අබේසේකර හා රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ට සත්‍ය සොයා යාම නිසා ඔවුනට ඇති වී ඇති ජිවිත තර්ජන පිළිබඳ එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කළ ඇත .
දේශපාලනික වශයෙන් දඩුවම් කිරීමට දේශපාලන කොමිසම් හරහා හිටපු ආමත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු දේශපාලන නායකයින් නිහඬ කිරීමට කටයුතු කරන අකාරය පිළිබඳවත් එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමට හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් කටයුතු කළේය .
එම දෙපළ කියා සිටියේ ශ්‍රි ලංකා ජනතාවගේ නිදහස වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වීමේ මෙම වැඩසටහන ඉතා සාර්ථක වු බවයි .
සටහන – CJ