රට තුල මේ වනවිට දිනෙන්  ආණ්ඩුව විසින් විවිධ නාට්‍ය පෙන්වන බවත් එම නාට්‍ය තුලින් සැබෑ ජනතා ප්‍රශ්න යටගැසීමට ආණ්ඩුව ක්‍රියාකරන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී, සමගි ජන බලවේගයේ දෙවිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක සහ සමගි තරුණ බලවේගයේ උප සභාපති, චතුර ගලප්පත්ති පවසනවා.  ඔහු මේ බව සඳහන් කලේ අද (10) පෙරවරුවේ මාතර පඹුරණ පිහිටි සිය නිවසේදී Lockdown Protest වැඩසටහනක් ක්‍රියාවට නංවමිනි. හිටපු මන්ත්‍රීවරයා සිය නිවසේ සිමාවේ සිටිමින්ම නිරෝධායන නීතීන්ට අනුගතව මෙම විරෝධතාවය සිදුකරනු ලැබීය.

අද වනවිට මහා මාර්ග තුල දක්නට නොලැබෙන්නේ නැව් සහ ගුවන් යානා පමණක් බවත් බොහෝ ජනතාව මාර්ග තුල ගමන්කරනා ආකාරය බොහෝ ප්‍රදේශවල දැකගත හැකි බවත් එමගින් නිරෝධායන සංචරණ සීමා වල අර්ථයට හානියක්ව ඇති බැවින් එමගින් සෞඛ්‍ය අංශ අපේක්ෂිත ප්‍රතිපල ලබාගැනීම පිළිබඳව ගැටළුවක් පවතින බවද ඒ මහතා සඳහන් කරනවා.

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ,
රජය මේවනවිට රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා යැයි පවසමින් මහජන ආරක්ෂක පනතේ බලතල යොදාගනිමින් රට තුල හදිසි නීතිය බලාත්මක කොට ඇති බවත් එය ජනතාවට පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාවක් බවයි. රජයට සැබෑ ලෙසම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ආපදා පනතේ සහ පාරිභෝගික පනත්වල සඳහන් ප්‍රතිපාදන ඒ සඳහා ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළේය. එසේ වුවත් රජය සිය  දේශපාලන පරමාර්ථයන් අනුවයමින් වැඩකරන ජනතාව සහ සිවිල් ක්‍රියාධරයින් මර්දනය කිරීම සඳහා මෙම හදිසි නීතිය පනවා ඇති බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
එසේම මෙම ආණ්ඩුවට 69 ලක්ෂයක ජනතා වරමක් ඇති ජනාධිපතිවරයෙක් තේරී පත්වූ අතර අනතුරුව 2/3 බහුතර පාර්ලිමේන්තු බලයක්ද ජනතාව ලබාදුන් බව සඳහන් කරන අතර ඊට අමතරව 20 වන ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කොටගනිමින් ඉතා විශාල බලයක් ජනතාව විසින් ලබාදුන් බවත් එවන් තත්වයක් තුල තවදුරටත් ජනතාව පීඩාවට පත්කරන හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම තුලින් රට තුල මර්දනකාරී පරිසරයක් ඇතිවීමට හේතුවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා සිය නිවස පරිශ්‍රය කළු කොඩි දමා හදිසි නීති විරෝධී පුවරු ඇතුළු ජනතාව පීඩාවට පත්ව ඇති ආකාරය පිළිබඳව පුවරු ප්‍රදර්ශනයකොට තිබුණි. චතුර ගලප්පත්ති මහතා මිට පෙරද Lockdown Protest එකක් ක්‍රියාත්මක කරමින් ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව විරෝධය පලකොට තිබුණි. මෙම #LockDownProtest සංකල්පය මෙරට තුල ක්‍රියාත්මක කිරීමට චතුර ගලප්පත්ති මහතා තරුණ දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස මූලිකත්වය ගැනීමටද ක්‍රියා කළේය.

සටහන – CJ