2022.07.26
සමගි ජන බලවේගය සහ සමගි ජනබල සංධානයේ මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය (2022.07.26) වන අද දින රැස්වී පහත සඳහන් නිගමන වලට එලඹෙන ලදි.
1) අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධතා පැවැත්වීමේ අයිතිය, සහ මහජනතාවගේ එදිනෙදා මුහුණදෙන ගැටළුවලට විරෝධය දැක්වීමේ අයිතිය මර්ධනය කිරිමේ අරමුණින් ගෙන එනු ලබන හදිසි නීතියට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඒකමතිකව තීරණය කරන ලදි.
2) ජනතාවගේ ප්‍රශ්ණවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනකාරිලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට තීරණය කරන ලදි.
3) පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළ ජනතාවගේ දැවෙන ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයක් ස්ථාපිත වන්නේ නම්, ඒ සඳහා සහයොගය දීමට තීරණය කරන ලදි.
මාධ්‍ය අංශය,
සමගි ජන බලවේගය.