පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20) පාර්ලිමේන්තුවේ කැඳවා තිබේ.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවේ, දහවල් 12 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි.
අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන්නේ කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන අතර මේ වන විට කෝප් සභාපතිවරයාගේ අත්තනෝමතික හැසිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ල කල දැඩි විරෝධයවය මැද කතානායකවරයාගේ බලතල බාවිතා කරමින් කෝප් කමිටුව රැස්වීම අත්හිටුවා කර තිබෙන පසුබිමකයි.
වත්මන් කෝප් කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැත්නම් එය විසුරුවා ඒ සඳහා නව සාමාජිකයින් පත්කරන්නේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව නියෝජ්‍ය කතානායක සඳහන් කළේ ය.
නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නොපවත්වන බව කථානයක මහින්ද යාපා අබේවර්ධන පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශනයට අදාළව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර සම්බන්ධයෙන් මතු වූ විවේචනාත්මක තත්ත්වයෙන් පසුවයි.