සෞඛ්‍ය වෘත්තීය සමිති 72කත අයත් සෞඛ්‍ය සේවකයින් ලක්ෂයක පමණ ප්‍රමාණයක් අස උදැසන 6.30 සිට වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කා තිබෙනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ග නොකර සිටීමට අයත් ඉල්ලීම් පිළිබඳව පසුගිය වසර තුල පමණක් ජනාධිපතිවරයාට ලිපි 18කින් දැනුවත් කර තිබෙන බවත් අදාළ බලධාරීන් ජනාධිපතිවරයා රටට පැමිණියාට පසු ඔහු සමඟ සාකච්චා කර අදාළ පිළියම් ලබාදෙන බව කිව්වත් මේ වන විටත් එම පිළියම් ලබාදීමට බලධාරීන් යුහුසුළු නොවූ බවත් කුමුදේශ් මහතා පැවසීය.

ආණ්ඩුව විසින්ම ජනතාව අර්බුදයේ දැමීමට හිතා මතාම නැවත නැවතත් වෘත්තිය සමිති වලට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ පසුබිම සකස් කර තිබෙන බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වලින් සිඳුවන සියලුම බලපෑම් ආණ්ඩුව බාරගත යුතු බවත් එම සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුය සිටියේය.