ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා අභිප්‍රාය සියයට 04කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නිකුත් කර ඇති ජුනි මාසයට අදාළ ජනතා සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

Anura Kumara Disanayake

එම වාර්තාවට අනුව සජිත් ප්‍රේමදාස මහතාට මනාපව චන්දය ප්‍රකාශ කිරීමේ ඇති ජනතා අභිප්‍රාය 43% ක් වන අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමිව ඇත්තේ 30%ක් පමණයි.

එමෙන් ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඇති ජනතා කැමැත්ත සියයට 6කින් අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති ජනතා අභිප්‍රාය සියයට තුනකින් ඉහළ ගොස් ඇති අතර එම ප්‍රමාණය සියයට 20ක් වනවා.

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සඳහා පවතින ජනතා අභිප්‍රාය සියයට එකකින් අඩු වී ඇති අතර එහි නව අගය සියයට 07ක් වනවා.