පසුගිය 09 වැනිදා සවස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට සිරස මාධ්‍යවේදීන් 06 දෙනෙකුට පහරදීමට අණ කළ,  වැඩ තහනමට ලක් වී සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ වහාම ක්‍රියාත්මකවන පරිදි අද (21) සිට සේවයේ පිහිටුවීමට පොලිස්පතිවරයා විසින් විශේෂ කාර්ය බලකායට නියෝග කර තිබේ.

ඊයේ ඒ සම්බන්ධ නියෝගය පොලිස්පතිවරයා විසින්  විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා වෙත යොමු කර ඇත.

රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවස ඉදිරිපිට සිරස මාධ්‍ය වේදීන්ට පහරදීම  වළක්වා   නොගැනීම සම්බන්ධව එල්ල වී ඇති චෝදනා මත  ආයතන සංග්‍රහයේ යටතේ පොලිස්පතිවරයාට ලැබි ඇති බලතලවලට යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම වැඩ තහනම් කිරීම සිදුකර තබිණි.

මෙම ප්‍රහාරයෙන් පසු රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවාසයට ගිනි තැබීමට මැර පිරිසක් කටයුතු කළේය.

පොලිස් පහර කෑමෙන් මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය කණ්ඩායමේ 06ක් තුවාල ලබා රෝහල් ගත කෙරිනි.

එම සිද්ධියට අදාළ වීඩියෝපටය මේසේය.

https://www.facebook.com/watch/?v=1122497348609875