අද ලැබුණු අධිකරණ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් කිරීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිදු නොකිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

මීට සුලු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබෙන අතර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී අනෙකුත් පක්ෂවලටද පූර්වාදර්ශයක් ලබා දීමේ අරමුණින් යුතුව මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහා මෙම පුරප්පාඩු පිරවීමට සජබය තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.