අපේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ දරුවන්ට ලබාදෙන අධ්‍යාපනයේ ප්‍රයෝගික/සමාජීය මට්ටම පිළිබඳව ගැටලුකාරී තත්වයක් තිබෙන බව අවධාරණය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටින්නේ ජනතාවගේ සාක්ෂරතාවය 94%ක මට්ටමක තිබුනද දේශපාලන සාක්ෂරතාවය ඉතාමත් පහල මට්ටමක තිබෙන්නේ අධ්‍යාපනය තුළ තිබෙන මෙම ප්‍රයෝගික මට්ටමේ ගැටලුව නිසා බවත් මෙම හේතුව නිසා සැබෑ නායකයා සහ දේශපාලඥයා හදුනාගැනීමට ජනතාව අපොහොසත් වී තිබෙන බවත්ය.

දේශපාලනඥයා ජනතාවගේ දුරුවල තැන අල්ලාගනිමින්, ජනතාවගේ දුක විකුණමින්, ජනතාව අන්දවමින් තමන්ගේ දේශපාලන ප්‍රචාරණය සිදුකරන අතර ඔහු එයින් සතුටක් ලබන බවත් ඒ හරහා දේශපාලඥයා ජනතාවගේ මනස ඉතාමත් සුක්ෂම ආකාරයෙන් විකුර්ති කිරීමට, හැසිරවීමට (manipulate) කටයුතු කරන බවත් සැබෑ නායකයා ජන මනස විකෘති කිරීම, හැසිරවීම පසෙකලා ජනතාව ආශ්වාදයට (inspiration) පත්කරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

සැබෑ නායකයා කිසිම අවස්තාවක ජනතාව පාලනය (Control) කිරීමට උත්සාහ නොකරන අතර ඔහු ජනතාවට සේවාව (Service) සපයන බවත් සැබෑ නායකයා ජනතාවට බලය (Power) පෙන්වීමට උත්සාහ නොකරන අතර ඔහු සෑම විටම ජනතාව සවිබලගන්වන (Empower) බව ප්‍රේමචන්ද්‍ර මහත්වීම සඳහන් කරනවා.

එතුමිය කියා සිටියේ සැබෑ නායකයා කිසිම අවස්තාවක මිනිසුන් තෝරා නොගන්න අතර, මිනිසුන් පිරිවරාගෙන සිටීමෙන් වැලකී සිටින අතර ඔහු සෑම විටම අරමුණ (purpose) සකස් කරන අතර එම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජනතාව ඔහු වටා පෙළගැසෙන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ සැබෑ නායකයා ජනතාව වෙනුවෙන් වැඩ කරනවා වගේම ඔහු මේ රටට ආදර්ශමත් පුද්ගලයෙක් බවට ජනතාවට ඔප්පුකර පෙන්වමින් සිටින අතර ඒ හරහා නායකා වටා ජනතාව ඒකරාශී වන බවත් මේ රට ගොඩනැගීමට හොද නායකත්වයක් තිබිය යුතු අතර එම නායකයාට රටේ අනාගත පරපුර වෙනුවෙන් දැක්මක් (Vision) තිබිය යුතු බවත්  සක්වල යනු එවැනි දැක්මක් සහිත නායකයෙකුගේ ඉතාමත් ප්‍රගතිශීලි සේවාවක් බවත්ය.