ආණ්ඩුව කළ අභියෝගය භාර ගනිමින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය ජනතාවගෙන් පුරවා පෙන්වීම ලබන 29 වැනි දින සිදු කිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.

එ අනුව සල්ගාදු ක්‍රිඩාංගනය මාර්තු 29 වන දින සදහා වෙන්කර ගෙන ඇති බවත් පොලිසිය හා අනෙකුත් ආයතන මගින් අවසර ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි .

ඔහු කියා සිටියේ මෙම රැළිය පිළිබඳ ජනතාව දැණුවත් කරන වැඩසටහන් එළබෙන සෙනසුරාදා දින අරඹන බවයි.

මෙම සල්ගාදු රැළියට 20,000 කට වඩා අදික පිරිසක් සහභාගි කරවීමට බලාපොරොත්තු වන බව ද, රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ