2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ සරත් ෆොන්සේකා සහ වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර තිබෙන බවත් එම පණිවුඩය සමගි ජන බලවේගයට ඉතාමත් සුබ පණිවුඩයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනි මහතා ප්‍රකාශ කරනවා.
ඒ මහතා අද (25) මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහබාගී වෙමින්
‘‘සරත් ෆොන්සේකා මහත්තයා ප්‍රකාශ කරලා තිබෙනවා ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. සරත් ෆොන්සේකා මහත්තයා 2010 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නමුත් පරාජයට පත්වුණා. ඉන්පසුව ඔහු තනියම 2015 මහ මැතිවරණයට ඡන්දය ඉල්ලුවා නමුත් පාර්ලිමේන්තු එන්න බැරි වුණා. පස්සේ ලිස්ට් එකෙන් තමයි ඔහු පාර්ලිමේන්තුවට ආවේ. 2020 මහ මැතිවරණයෙන් ඔහු සමගි ජනබලවේගයෙන් තරඟ කරලා පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු දැන් නැවත තනියම ජනාධිපතිවරණයට තරඟ කරන්න කටයුතු කරනවා. සරත් ෆොන්සේකා මහත්තයා එක් වතාවක් ඉගෙන නොගත්ත පාඩම දෙවැනි පාරත් ඉගෙන ගන්න සුදානම් නම් ජනාධිපතිවරයට ඉදිරිපත් වුණාට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම විජයදාස රාජපක්ෂත් ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ පණිවිඩයෙන් සුබ වෙන්නේ සමගි ජනබලවේගයට. විජයදාස රාජපක්ෂගේ තීරණය සමගි ජනබලවේගයට සුබ ආරංචියක්.‘‘