‘සමගි රටක් අනගි හෙටක්’ යන තේමාව මුල් කර ගත් සමගි ජන බලවේග මැයි රැළිය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

balavegaya WhatsApp Image 2024 05 01 at 12.20.31 0147ec5a

සමස්ත දිවයින පුරා විසිරී සිටින සමගි ජන බලවේග පාක්ෂිකයන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනන මෙම මැයි දින රැළියේ ප්‍රධාන පෙළපාලි ද්විත්වය කොළඹ ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේ සිට සහ ඩී. ආර්. විජේවර්ධන මාවතෙන් පටන් ගනී. මෙම ප්‍රධාන රැළි දෙක කොළඹ කොටුව බලා ගමන් ගන්නා අතර අවසන් රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස කොළඹ කොටුවේදී පැවැත්වීමට නියමිතය.
කම්කරු ව්‍යාපාරය සිය 138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයයි අද (01) සමරනු ලබන්නේ.

1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් ‘හේමාකට් අරගලය’ ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හැඳින්වෙන අතර, ලොව පුරා මැයි දිනය හෙවත් කම්කරු දිනය සැමරීමට බලපෑවේ මෙම සටනයි.

එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබූ අතර, වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මැයි දින සමරුව 1890 සිට ලන්ඩනයේ කම්කරුවන් විසින් ආරම්භ කර තිබෙනවා.

මෙරට මැයි දින සැමරුම ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතා විසින් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ 1927 වසරේ දී.

කම්කරු ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි මෙරට පළමු මැයි රැළිය 1933 වසරේ දී පවත්වා ඇති අතර එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගොස් තිබෙනවා.

සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය සඳහා හපුතලේ ආසනයේ සිට ජනතාව රැගත් බස් රථ මේ වන විට කොළඹ බලා පිටත්ව ඇත,

සමගි ජනබලවේගය විසින් තලවකැලේ නගරයේ සංවිධානය කර ඇති රටට ඩොලර් ගෙන එන උඩරට වැඩ කරන ජනතාවගේ මැයි රැළිය සඳහා වලපනේ ආසනයේ ප්‍රජාව එක්ව ඇති අයුරු. මෙම මැයි දින පෙළපාලිය වලපනේ ආසනයෙන් ආරම්භ විය.

සමගි ජන බලවේගය විසින් කොළඹ සංවිධනය කර ඇති මැයි දින පෙළපාලිය සඳහා හම්බන්තොට තිස්සමහාරාම ආසනය නියෝජනය කරන තෙන්නකෝන් නිලමේ මන්ත්‍රීතුමා ප්‍රමුඛ පාක්ෂිකයන් සහභාගී වන අයුරු.

balavegaya WhatsApp Image 2024 05 01 at 08.49.49 0e4ff2e8 Copy balavegaya WhatsApp Image 2024 05 01 at 08.49.49 500e0531 Copy balavegaya WhatsApp Image 2024 05 01 at 08.49.51 20127734 Copy balavegaya WhatsApp Image 2024 05 01 at 08.49.55 1e25e97b Copy balavegaya WhatsApp Image 2024 05 01 at 08.49.55 787ce27e Copy

සමගි ජන බලවේගය විසින් කොළඹ සංවිධනය කර ඇති මැයි දින පෙළපාලිය සඳහා හම්බන්තොට තිස්සමහාරාම ආසනය නියෝජනය කරන තෙන්නකෝන් නිලමේ මන්ත්‍රීතුමා ප්‍රමුඛ පාක්ෂිකයන් සහභාගී වන අයුරු.