ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන “සමගි බල පා ගමන” අද මහනුවරින් ආරම්භ විය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටියහ.
අද පෙරවරු නමයට මෙම පාගමන ආරම්භ වූ අතර ඊට පැයකට පමණ පෙර සිටම දහස් ගණනක ජනකායක් මහනුවර නගරය වෙත පැමිණෙමින් සිටියහ.මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආසන සියල්ල ආවරණය වන පරිදි පැමිණි ජනකායගෙන් පෙරවරුවේ මහනුවර නගරය පිරී ඉතිරී ගියේය.පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෙළපාලිය පෙරවරු නමය හමාර වන තෙක් ආරම්භ කිරීමට නොහැකි වූයේ ඊට එක්ව සිටි විශාල ජනකාය හේතුවෙනි.මහනුවර පොදු වෙළඳපළ අබියසින් ආරම්භ වූ පෙළපාලිය පේරාදෙණියට ළඟා වන විට දහවල් 2 පමණ විය.
පැමිණි සිටි විශාල ජනකාය හේතුවෙන් සංවිධායකයින්ට පාගමනේ පෙළපාලිය හසුරුවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර හරින් ප්‍රනාන්දු,මනුෂ නානායක්කාර,කිංස් නෙල්සන්,නලින් බණ්ඩාර,හර්ෂද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු පෙළපාලිකරුවන් හා හැසිරවීමේ කටයුතුවල යෙදෙනු දැකිය හැකි විය
මග දෙපස සිටි ජනතාවගෙන් පෙළපාලියේ ගමන් ගන්නා පිරිස්වලට දිරිගැන්වීම් මෙන්ම සටන් පාඨ කියමින් සහයෝගය ද ලබා දෙනු දැකිය හැකි විය.බොහෝ ස්ථානවල සිසිල් පැන් ලබා දෙමින් පෙළපාලි කරුවන් ගේ විඩාව සංසිදුවා ගැනීමට මග දෙපස සිටි පිරිස් උනන්දුවෙන් දායක විය.
මාර්ගයේ ගමන් කරමින් තිබුණු වාහන වලින් ද එවැනිම සහයෝගයක් හිමිවිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයට පෙළපාලිය පැමිණෙන විට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ ජනතාවාදී බුද්ධි මණ්ඩපයට අනුබද්ධ විශාල පිරිසක් එක්ව විපක්ෂ නායකතුමන්ව පිළිගනු ලැබීය.
අද පෙරවරුවේ පළමුව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත් අතර ගරුතර මහා සංඝරත්නය විසින් ආශිර්වාද පිරිත් සජ්ජායනාවක් පවත්වා විපක්ෂ නායකතුමාට ආශිර්වාද කරනු ලැබූහ.
ඉන් අනතුරුව විපක්ෂ නායකතුමා ඓතිහාසික නාථ දේවාලය වෙත පැමිණ දේවාශීර්වාදය ද ලබා ගත්තේය.
ඉන් අනතුරුව මහනාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද ආශිර්වාදලත් විපක්ෂ නායකතුමා දැවැන්ත පෙළපාලියට එක්විය.
මහනුවර,පේරාදෙණිය,කිරිබත්කුඹුර,පිළිමතලාව,කඩුගන්නාව හරහා මාවනැල්ලෙන් පළමු නැවතුම සටහන් කරන සමගි බල පා ගමන හෙට ගලිගමුව දක්වා ගමන් කරනු ඇත.
එය ලබන තිස් වැනිදා කොළඹට සේන්දු වීමට නියමිත අතර මැයි පළවෙනි දා “නිදහසේ අරගලය මැයෙන් “සියවසේ මැයි රැලිය” පැවැත්වේ.