සමගි ජන බලවේගය තුළ කිසිම බෙදීමක් නොමැති බව සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

එතුමා කියා සිටින්නේ සමගි ජන බලවේගය කෙටි කාලයක් තුළදී අලුත් පක්ෂයකින් හරි ආකාරව වැඩ පිළිවෙළක් තිබිලත් නොමතිව පාර්ලිමේන්තුවේ ආසන පනස් ගණනක් ලබා ගැනිමට හැකි වුයේ සජිත් ප්‍රේමදාස මහතාගේ විස්වාසය හා කිර්තිය නිසා බවයි. ඔහු තුළ රටෙ දුත්පත් මිනිස්සු ලොකු විස්වාසයක් තබා තිබෙන බවත් කිරිඇල්ල මහතා පැවසීය .

චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ගෙන මධ්‍යවේදින් ඇසු විට කිරිඇල්ල මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා , මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් ප්‍රධාන සංවිධායක වන ඔහුත් චමින්ද විජේසිරි මන්ත්‍රිතුමා සමග කතා කළ අභ්‍යන්තර ප්‍රශ්න විසදා ගන් බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය සමග සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රිවරයෙකු එක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගය ඉදිරියට ගමන් කරන බවයි.