සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට බාදා කරන්නේ සමගි ජන බලවේගය යැයි අවලාද නගන හරීන් ප්‍රනාන්දුට සොනික් සොනික් ගැන අමතක වී ඇත්තදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා විපක්ෂ නායක කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පැවසීය.

පසුගියදා හරීන් ප්‍රනාන්දු මාධ්‍යයට අදහස් දක්වමින් සමගි ජන බලවේගය තානාපතිවරුන්ට කේලම් කියමින් ලංකාවට සංචාරක සීමා පනවා තිබෙන බව කියූ බවත් ඔහු එවැනි අවලාද නැගීමට පෙර තානාපති කාර්යාල වැඩ කරන්නේ කෙහෙද යනුවෙන් සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ රටේ වෙන දේවල් ලෝකයේ රටවල් වලට විවිධ අංශ වලින් වාර්තා වෙනවා එසේ වාර්තා වුනාම ඒ රටවල් වල ඉන්න පුරවැසියන්ගේ ආරක්ෂාවට තමයි යම්කිසි සංචාරකයෙක් අපේ රටට එනවා නම් ඒ රටෙන් උපදෙස් ලබා දෙන්නේ. 

නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා අවදාරණය කරමින් කියා සිටියේ පහුගිය දා ලංකාවේ නැවතත් වෙඩි තැබීම් වලින් ජනතාව මිය ගිය බවත් පසුගිය දා මීගමුවේ වැඩි තැබීමක් හා තංගල්ල ,දික්වැල්ල වෙඩි තැබීම් සිදු වූ බවත් නැවත නැවතත් ලංකාවේ පාතාලය හිස ඔසවමින් තිබෙන පසුබිමක ආණ්ඩුවට තවමත් හරියට පොලිස්පති වරයෙක් වත් පත් කරගත නොහැකි බවයි.

හරීන් ඇමතිතුමා කැබිනට් එකේ කතා කරලා පොලිසිය හරියට ක්‍රියාත්මක කරලා සංචාරකයන්ට විතරක් නෙමෙයි රටේ ජනතාවටත් ආරක්ෂාවක් ඇතිවන ආකාරයට වැඩපිළිවෙළක් හදන්න ඕන.

කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර සමගි ජන බලවේගය තානාපතිවරුන්ට කේලම් කියලා සංචාරක කර්මාන්තය හා  විදේශ ප්‍රතිපත්තිය පාලනය කරනවා කියන එක ඉතාවමත් මෝඩප්‍රකාශයක් බව එතුමා පැවසීය.

ඒ තමයි සංචාරක සීමා ගැන තානාපතිවරුන් කියනකොට ත්‍රස්ත ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලා නිවේදන දාලා කියලා එහිදී හරීන් ගෙන් අපිට අහන්න තියෙන්නේ එදා ඔහු සොනික් සොනික් ඕනි ගැන කතා කළා ඒ පරීක්ෂණ ඉවර ද, අද ඔහු හොයා ගෙන ද තියෙන්නේ ඒ නිසා කරුණාකරලා කැබිනට් එකට ගිහිල්ලා ජනාධිපතිතුමා සහ ඇමැතිවරුන් සමග සොනික් සොනික් හොයාගෙන තානාපතිවරුන්ගේ නිවේදන ගැන කතා කරන්න කියලා අපි මතක් කරනවා.