විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රටේ ආර්ථිකය කඩා වැටීමට වගකිවයුතු රාජපක්ෂවරුන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී සබා ගැබ මැදට පැමිණ බාධා කළ පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විපක්ෂනායකවරයාගේ ප්‍රශ්නය ඇතුළත් ලිපිය උදුරාගැනීමට පියවර ගෙන ඇත.

සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ අසන ලැබූ මෙම ප්‍රශ්නයට දිගින් දිගටම බදා වූ අතර කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් දැමීමටද පියවර ගත්තේය.

මෙවැනි නොමනා සිදුවීමක් ඉතිහාසයේ කිසිදු දිනෙක සිදුව නොමැති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරන අතර සුවහසක් ජනයාගේ ජිවිත වලට බලපෑම් කල රාජපක්ෂ වරුන්ට එරෙහිව විපක්ෂ නායක වරයා ඉතිහාසගත වන වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුල අවධාරණය කරමින් ප්‍රකාශ කලේ වරදී ආර්ථික තීන්දු තීරණ ගනිමින් ශ්‍රී ලංකේය ජනයාගේ මානව හිමිකම් කඩ කළ බවට ශ්‍ර්ෂ්ටධිකරණයෙන් නියෝග දුන්, රාජපක්ෂවරුන් ඇතුළු ආර්ථික ඝාතකයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසයි.

Sajith Premadasa  Sajith Premadasa