සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහාතා මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නායකයින් හොරුන් නොවන බවත් සමගි ජන බලවේගය අලුත් පක්ෂයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
” සජිත් ප්‍රේමදාස මැතිතුමා හොරෙක් නෙමෙයි. සරත් ෆොන්සේකා සභාපතිතුමා හොරෙක් නෙමෙයි. ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හොරෙක් නෙමෙයි. ප්‍රධාන නායකයෝ හොරු නෙමෙයි .අපි අලුත් පක්ෂයක් එය පිහිටෙවුවේ 2020 මාර්තු 5 වැනිදා .අපි අලුත්ම කණ්ඩායමක් මාස පහෙන් මැතිවරණයට ගියා මනත්‍රීවරු 54 ක් ගත්තා ඉතිහාසයේ මාස 5කින් මන්ත්‍රීවරු මෙච්චර ප්‍රමාණයක් ගත්ත පක්ෂයක් නැහැ එක්සත් ජාතික පක්ෂය 46 යෙදී හදලා පලවෙනි මැතිවරණ මන්ත්‍රීවරුන් තිස් ගණනයි සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා විශාල කණ්ඩායමක් මාස පහක් තුළින් මන්ත්‍රීවරු 54 ක් හැදුවා ප්රජාතන්ත්රවාදී රටක විපක්ෂය කියන්නේ ඊළඟ ආණ්ඩුව. ඒ නිසා තමයි චීනය විපක්ෂ නායක කාර්යාලයටම ඇවිත් උදව් උපකාර කරන්නේ එතුමාගේ හුස්ම වැඩසටහනට මිලියන විස්සක් ලබාදුන්නේ ඉන්දියාවත් කෝල් කරනවා ඔවුන් දන්නවා ඊළඟ රාජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගි ජන බලවේගය විදිහට ඊළඟ ආණ්ඩුව අරගෙන රටේ ජනතාවට සහන සැලසීම අපි සූදානම් අපි තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් තියෙනවා.”