2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ නායක, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදු කළේය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම අද (15) උදෑසන 9.00 ට ආරම්භ වුණා.

අද උදෑසන 11 දක්වා නාමයෝජනා භාර දිමේ හැකියාව පවතිනවා.

ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 9.00 සිට 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ඒ සියලු දෙනා නාමයෝජනා භාරදීම සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන බවයි.

නාමයෝජනා බාරදීම