අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස් ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දුන්නේය.

“මේ ගහන්නේ රාජපක්ෂලා. පොලිස්පති ඇතුළු සියලු දෙනාම මේකට වග කිව යුතුයි. වහාම මේ පහරදීම් නතර කළ යුතුයි”අරගල භූමියට පහරදෙන විට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සජිත් ඉදිරිපත්වූවේය.

අරගලභූමියට පහරදෙන වීඩියෝ නැරඹූ සජිත් කීවේ එතැනට යා යුතු බවය.

“එතැන තවම රාජපක්ෂලාගේ අය ඉන්නවා. යන එක ආරක්ෂාවට තර්ජනයක්”අරගල භූමියට යාමට අවශ්‍ය බව සජිත් කී විට ආරක්ෂක අංශයේ නිලධාරීහු පැවසූහ. එහෙත් සජිත් කීවේ අරගලබිමට යා යුතු බවය.

අරගල භූමියේ රාජපක්ෂවරුන්ගේ ආධාරකරුවන් සිටින බව අමතක කළ සජිත් එතැනට ගියේය. එතැන ප්‍රකෝපකාරීව හැසිරුණ පිරිසක් සජිත්ට පහරදීමට පැමිණි අතර ඔහු එතැනින් පැමිණියේය. එතැන සිට විපක්ෂ නායක කාර්යාලයට පැමිණි සජිත්ගේන් මන්ත්‍රීවරු විමසුවේ පහරදුන්නේ කවුරුන්දැයි කියාය.

“එතැන සිටි තරුණයින්ද ගැහුවේ” නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඇසුවේය.

“මේ පහරදීම කළේ රාජක්ෂලාගේ මැරයෝ. ඒක වෙන වෙන ගිණුම්වලට බැර කළ යුතු නෑ”සජිත් කිවේ ඒ බව තමන් ප්‍රසිද්ධියේම පවසන බවත් කියමිනි.

“ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයින්ට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ’කිසිවෙකුට කිසිදු ගැලවීමක් නෑ”සජිත් තරයේ කීය.