ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (Organisation of Professional Associations of Sri Lanka) (OPASL) වෘත්තීයවේදීන් පිරිසක් විසින් සංවිධානය කරනු ලැබූ සංවාදශීලී සම්මන්ත්‍රණයක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.කාලීන වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් විණි. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානය යනු දැනට 50,000 කට අධික සාමාජික සංඛ්‍යාවක් සහිත විෂයයන් 32 ක් සඳහා සේවා සපයන සාමාජික සංගම් 52 කට අයත් වෘත්තිකයන්ගෙන් සමන්විත ආයතනයකි.
සජිත් ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වෘත්තීයවේදීන් සමග සම්මන්ත්‍රණයක
