කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන මුලුමහත් ශ්‍රී ලංකාවම බලවත් පීඩාවකට පත්ව සිටින අවස්ථාවේ අපේම ජනතාව වෙනුවෙන් ප්රායෝගිකවම කිසියම් මෙහෙවරක් කළ යුතුයැයි යන විශ්වාස පෙරදැරිව සමගි ජන බලවේගය විසින් “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කළ අතර ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දියත් කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 25 වන පියවර ලෙස රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු.3,090,000.00) වටිනා රෝහල් උපකරණ කෑගල්ල ශික්ෂණ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය වයි.ජේ. සමරසිංහ මහතා වෙත පරිත්‍යාග කර තිබේ.
ඒ අනුව, රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා (250,000) Multipara Monitors (Edan) උපකරණ 02ක්, රුපියල් දොළොස් ලක්ෂ හතලිස්දහසක් (1,240,000.00) වටිනා සහ රුපියල් දහතුන් ලක්ෂ පනස්දහසක් වටිනා (1,350,000.00) Optiflow nasal therapy (Donation from Australia Melbourne Art Circle) උපකරණ දෙකක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ දක්වා වට 24ක් තුළ රුපියල් ලක්ෂ 719. (රු. 71,904,000) රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත.
සටහන – CJ