සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කරමින් සමගි ජන බලවේගය ඊට අදාළ ලිපිය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කොට ඇත.
විපක්ෂ නායක ලේකම් රවී ජයවර්ධන මහතා විසින් එම ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත යවා තිබේ.
ගාමිණී සෙනරත් මහතා
ජනාධිපති ලේකම්
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ.
මහත්මයාණෙනි,
යෝජිත සර්ව පාක්ෂික සම්මේලනය.
ඔබ විසින් 2022 මාර්තු මස 14 වන දින දාතමින්, විපක්ෂ නායකතුමා වෙත යොමුකළ ලිපිය හා බැඳේ.
සර්ව පාක්ෂික සම්මේලනය කැඳවමින් ජනාධිපතිවරයා යොමුකරන ලද ලිපියෙහි සඳහන් වනුයේ කෝවිඩ් වසංගතය නිසා ගෝලීය ජනජීවිතය තුළ මෙන්ම රට තුළ ද, ආර්ථික හා සාමාජීය අර්බුදයක් නිර්මාණය වු වගයි. එය කිසිසේත් තර්කානුකූල නොවේ. විටෙක කෝවිඩ් මැනවින් කළමණාකරනය කළ බැව්, ප්‍රකාශකරන ජනාධිපතිවරයා එයට පරස්පර වු මෙම ප්‍රකාශය රට නොමග යවන සුළු අදහසකි.
කලාපීය රටවල සහ ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් කොවිඩ් වසංගතය මැනවින් කළමනාකරණය කරගැනීමට ගත් පියවර තුළින් එය පැහැදිලි වේ.ඒ පිළිබඳව ප්‍රකාශිත දත්ත සහ දර්ශක මඟින් ද, එය තහවුරු වේ.
අපගේ මාතෘභූමිය මේ මොහොතේ මුහුණ පා ඇති ආර්ථික, සමාජීය, ගැටලු සියල්ල වර්තමාන ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ගත් අතාර්කික තීරණ තීන්දු නිසා සිදුවුවක් බව ඉතාමත් පැහැදිලිය .
රාජ්‍ය මුල්‍ය කළමනාකරණය අයහපත්වීම , වගකීම් විරහිත මූල්‍ය ප්‍රතිපත්තිය, නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම, ගජ මිතුරන් සදහා වරදාන වරප්‍රසාද ලබා දෙමින්, මහා පරිමාණයේ දුෂණ වංචා තුළ උද්ගත වු මෙම අර්බුදය, තමා විසින් නිර්මාණය නොකළ බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශය තුලින් ගම්‍ය වන්නේ තව දුරටත් ජනාධිපතිවරයා නිවැරැදි බව සලකා කටයුතු කරන බවයි.
මේ වනවිට ආණ්ඩුවේම පාර්ශවයන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් බරපතළ ලෙස විවේචනය කරමින් සිටි.තමා සමග කටයුතු කරන පිරිස හෝ තම මතය සමඟ එකග නොවන තැන මෙවැනි සම්මේලනයක් තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකියැයි අප විශ්වාසය නොකරමු.
සමගි ජන බලවේගය රටතුළ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අනතුරු ඇගවීම් රැසක් සිදු කළ ද ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරමින් අන්තනෝමතික කටයුතු කරමින් රට විනාශයේ මුවදොරට කැඳවු බව රටේ ජනතාවට රහසක් නොවේ.
නිවැරැදි වේලාවේ නිවැරැදි තීරණ නොගැනීම නිසා රටේ අර්බුදය ඔඩු දුවා ඇත්තේ රටේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල දරාගත නොහැකි අන්දමට ඉහළට යමිනි. එම තත්වය තුළ ආහාරපාන, ඖෂධ කිරිපිටි, ඉන්ධන, විදුලිය, ගෑස්, වැනි ජනජීවිතයට අත්‍යවශ්‍ය දෑ සම්පාදනයට ආණ්ඩුව අපොහොසත් වී ඇත.
එමෙන්ම ජනතාවගේ රැකියා, ආදායම් උත්පාදන මාර්ග, කර්මාන්ත සහ අපනයන ආදායම් ක්ෂේත්‍ර බිඳවැටීම තුළ රටේ අනාගතය බරපතල අභියෝගයකට ලක්ව තිබේ. මෙම කරුණු විමසා බලන විට බිඳවැටී ඇති රටේ ජන ජිවිතය සුරක්ෂිත කිරීමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් ඇතැයි අප විශ්වාස නොකරමු. ගැටලුව විසදිමට ජනාධිපතිවරයා පත්කළ ආර්ථික සභාවේ ව්‍යුහය පමණක් සලකා බලනවිට එය පැහැදිලි වේ.
රටේ ජනතාව වෙනුවෙන් ගනු ලබන කුමන හෝ සාධනිය පියවරකට විපක්ෂයේ සහාය ලබාදීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙමු .
එසේ නොවී, තම බලව්‍යාපෘති සදහා ගන්නා වු ක්රියාවලියනට සහායවීමට ජනතාවාදී විපක්ෂයක් ලෙස අපට සිදු කළ නොහැක.
එබැවින් යෝජිත සර්ව පාක්ෂික සම්මේලනයට සමගි ජන බලවේගය සහභාගි නොවීමට තීරණය කළ බව දැනුම් දෙමු.
මෙයට- විශ්වාසි,
නීතිඥ රවී ජයවර්ධන,
විපක්ෂ නායක ලේකම්