ඊයේ දින පැවති සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට ආ තරුණයෙක් පනාමුර පොලිස් බල ප්රදේශයේදී පොලිසිය විසින් කළ පහර දීමකදී මරුමුවට පත්ව ඇති බව හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
ඉන්දික ජයරත්න නැමැති තරුණයකු මෙසේ ඝාතනයට ලක්ව ඇති බවත්, මේ වනවිටත් මෘතදේහය පොලිසිය තුළ ඇති බවත් ඒ මහතා කියා සිටි.
එමෙන්ම ජනතාව කුපිත වී පොලිසියට විරෝධය පළකරමින් සිටින බවද විතානගේ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්රියාත්මක කරන ලෙසද හේෂා විතානගේ මහතා ඉල්ලා සිටියේය.
එමෙන්ම සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දිනයේ පැවැත් වූ රැලියට පොලිසිය විසින් සිදු කළ මැදිහත් වීමට එරෙහි ව, එහි මන්ත්රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක නිරත වූ අතර එහිදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති විය.