රාජාසන කතාව සිදු කිරීම සදහා අද දින පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබට පැමිණෙන විට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට විරෝධය පළ ‌කොට සභාගැබෙන් පිටව යනු දැකගත හැකි විය.

‘රාජාසන මේනියාව..!’ ‘රාජාසන මේනියාව…!! යනුවෙන් විරෝධතා සටන් පාඨ කියමින් මන්ත්‍රීවරු මෙසේ පිටව ගියහ.

පසුගියදා අටවන ජනපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාව වර්ජනය කරන බව සජබ ඇතුළු පක්ෂ රැසක් සදහන් කර තිබූ අතර එම පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණියේ නැති අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රාජාසන කතාව ප්‍රතික්ෂේප නොකරන බව පැවසුවද ඔවුන්ද අද පාර්ලිමේන්තුව වර්ජනක කර තිබුණ.

ඊට අදාළ වීඩියෝව ‌පහත දැක්වේ.