සමගි ජන බලවේගයේ නායකත්වයට එරෙහිව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගොනුකළ නඩුව අද (24) කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ප්‍රතික්ෂේප කරන ලද මෙම නඩුව ඩයනා ගමගේ විසින් ගොනුකර තිබුනේ සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රධාන ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
කෙසේ වෙතත් අද පැවති මෙම නඩු විභාගයේදී ඩයනා ගමගේ ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි මාධ්‍ය වාර්තා කර තිබුනේ.