පාර්ලිමේන්තුව තුළ සිය මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් නැති බවට චෝදනා කරමින් සමඟි ජන බලවේගය පාර්ලිමේන්තුවට පැමිණීම වර්ජනය කර තිබුණු අතර අද (08) සිට යළි පාර්ලිමේන්තුව වෙත යාමට ඔවුන් තීරණය කර තිබේ.

ඒ,ඊයේ (07) දිනයේදී කථානායකවරයා සමඟ පැවති සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙසය.

ඒ අනුව අද සිට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සුපුරුදු පරිදි සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු යාමට නියමිතයි.

පසුගිය දෙදිනක පමණ කාලයක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට හේතු දක්වමින් සමඟි ජන බලවේගය විරෝධතා දැක් වූ අතර එම පක්ෂ කාර්යාලයේදී ද විපක්ෂයේ පාර්ලිමේන්තුවක් කැඳවා තිබුණි.

සිය මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් නැති අතර ,ආණ්ඩුවට අභියෝග කිරීම හේතුවෙන් ඔවුන් කරා මර්දනය පැමිණෙමින් තිබෙන අතර භාෂණයේ නිදහසක් ද නැති බවටයි සමඟිය මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කර සිටියේ.